Pages

Thursday, July 3, 2014

ඉස්ලාමික රාජ්‍යයට එන්නැයි ලෝකයේ සියළු මුස්ලිම්වරුන්ට ඇරයුම්

සිරියාවේ සහ ඉරාකයේ අත්පත් කරගත් ප‍්‍රදේශ ඒකාබද්ධ කරමින් අයිසිස් සංවිධානය විසින් ඉස්ලාමීය රාජ්‍යයක් ප‍්‍රකාශයට පත් කර ඇත.

මේ සමග අයිසිස් සටන්කාමීන් දැරූ ඉරාක ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට් යන නාමයෙන් ඇතැම් කොටස් සංශෝධනය කරමින් ඉස්ලාමික රාජ්‍යය ලෙස සංවිධානය යළි නම් කර ඇතැයිද පැවසේ.

එහි ප‍්‍රධානි අබු බකර් අල් බැග්ඩෑඩි විසින් නිකුත් කරන ලද විනාඩි 19ක් දිගැති හඬපටයකින් ලෝකවාසී සියලූ මුස්ලිම් ජනතාවට ආරාධනා කර ඇත්තේ මුස්ලිම්වරුන්ගේ රාජ්‍යයට පැමිණ පදිංචි වන ලෙසයි.

සිරියාව සිරියානුවන් සඳහාත් ඉරාකය ඉරාක ජනයා සඳහාත් නොවන බව බැග්ඩෑඩි පවසා තිබේ.

විශේෂයෙන්ම උගතුන්, විනිසුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ මිලිටරි සහ පරිපාලන පසුබිමක් සහිත පුද්ගලයන් නව ඉස්ලාමික රාජ්‍යයට සංක‍්‍රමණය වී මුස්ලිම්වරුන් වෙනුවෙන් සිය වගකීම ඉටු කරන ලෙසද ඔහු පවසා ඇත.

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සිට මියන්මාරය දක්වා මුස්ලිම් ජනතාව අසාධාරණයට පත් රටවල් ගණනාවක ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති අබු බකර් බැග්ඩෑඩි පවසා ඇත්තේ පසුව හෝ ඒ අපරාධයන්ට එරෙහිව පළිගන්නා බවයි.

රාමසාන් ශුද්ධ මාසයෙ තුළදී සටන් උත්සන්න කරන ලෙසද ඔහු විසින් අණ කර ඇතැයි පැවසේ.

ඉස්ලාමික රාජ්‍යය සංවිධානය විසින් බැග්ඩෑඩි සිය නායකත්වයට පත්කර ගෙන ඇති අතර ඉස්ලාමික රාජ්‍යයේ කාලිෆ්වරයා ලෙසත් ලොව සියලූ මුස්ලිම් ජනතාවගේ නායකයා ලෙසත් නම් කර ඇතැයිද වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/118427/

Pic Source

6 comments:

Anonymous said...

you ideot,why u promote these extremist religous fanatics?they are killers.to them who are not muslims need to be killed. so you still living in sri lanka and promote those killers.thats why non muslims believe u guys still live in stone age

VarSha said...

He is not promoting these. He is reporting so others can know what's going on.

Anonymous said...

if u read read his blogs u can see what is his ideas

Anonymous said...

true is Muslims mean cancer they need to get this world to their hand' there for they do anything. as Sinhalese we should keep our county form Muslim killers.

Anonymous said...

Even after taking whole world, then they start to fight against themselves, like Pakistan & Iraq, even in Beruwala in Sri Lanka, Sunni & Shia collision

Anonymous said...

ane mehe inna hamba haththa ehe gya num hari appa