Pages

Monday, August 4, 2014

පලස්‌තීනයේ මිනිස්‌ ඝාතනවලට පාරට බසින මූසලුවන් බොකොහරාම් ත්‍රස්‌තවාදීන් පැහැරගත් පාසල් දරුවන් වෙනුවෙන් පාරට නොබසින්නේ ඇයි? - නිශාන්ත වර්ණසිංහ

පලස්‌තීනයේ සිදුවන මිනිස්‌ ඝාතනයන් අමානුෂික යෑයි පවසමින් ඊට එරෙහිව රාමසාන් දිනයේ පාරට බැස්‌ස මුස්‌ලිම් ජනතාව, නයිජීරියාවේ බොකොහරාම් ත්‍රස්‌තවාදීන් විසින් පැහැරගත් මුස්‌ලිම් පාසල් දරුවන් 200 දෙනා වෙනුවෙන් පාරට නොබසින්නේ මන්දැයි ජාතික හෙළ උරුමය පක්‍ෂයේ ජාතික සංවිධායක හා බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ප්‍රශ්න කර සිටී.

පුත්තලම, කල්මුණේ, අක්‌කරපත්තුව, මන්නාරම ප්‍රදේශවල මුස්‌ලිම් ජනතාව පලස්‌තීනයේ ගාසා තීරණයට එල්ල කරන ප්‍රහාර නතර කරන්නැයි කියා රාමසාන් දිනයේ පාරට බැස්‌සා. ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් ජනතාව නියෝජනය කරන ඔවුන්ගේ ආගමික සභාවන් වන ජමියතුල්ලා උලමා සභාව, ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලය, සූරා කවුන්සිලය, ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් නායකයන් වන රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, අලෙවි මව්ලානා, අසාද් සාලි, මුජිබර් රහුමාන්, මධ්‍යස්‌ත මැදහත් මුස්‌ලිම් නායකයන් ලෙස පෙනී සිටින ෆයිසර් මුස්‌තාපා වැනි අයගෙන් අපි අහන්න කැමතියි, පලස්‌තීනයේ සිදුවෙන ප්‍රහාර, අමානුෂික ප්‍රහාර ලෙස හෙළා දැකලා පාරට බහින මේ අය බොකෝහරාම් ත්‍රස්‌තවාදීන් විසින් මුස්‌ලිම් පාසල් දැරියන් 200ක්‌ පැහැරගෙන ගියාම පාරට ආවේ නෑ යෑයිද වර්ණසිංහ මහතා කියා සිටියේය. බත්තරමුල්ල ජාතික හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී ඉකුත් (31දා) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ධනසිංහ මහතා, 

අපි අහන්න කැමතියි ඒ සිද්ධිය සම්බන්ධයෙන් මේ මුස්‌ලිම් ආගමික නායකයන්ගේ මුස්‌ලිම් ජනතාව නියෝජනය කරන සංවිධානවල ස්‌ථාවරය මොකක්‌ද කියලා. ඒක රටට කියන්න. 

අද මුළු ලෝකයම භීතියට පත් කරල සිරියාව, ඉරාකය අද ආක්‍රමණය කරමින් ඒ ප්‍රදේශවල වෙනම ඉස්‌ලාමීය රාජ්‍යයන් ප්‍රකාශයට පත් කර තියෙනවා අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්. කුඩා දරුවෝ 150ක්‌ පැහැරගෙන ගිහින් ළමා සොල්දාදුවන් ලෙස බඳවාගෙන තියෙනවා. පලස්‌තීනයේ මිය යන දරුවෝ ගැන කතා කරනවා වගේම අර බොකෝ හරාම් ත්‍රස්‌තවාදීන් පැහැරගෙන ගිය ඒ පාසල් දැරියන් ගැනත් කතා කරන්න ඕනෑ. එහෙම වුණොත් විතරයි මේ රටේ මුස්‌ලිම් ප්‍රජාව නියෝජනය කරනවා යෑයි කියන ආගමික නායකයන්ට ප්‍රතිපත්තියක්‌ තියෙනවා කියල අපට දැනගන්න පුළුවන්.

පලස්‌තීනයට එක ප්‍රතිපත්තියකුයි, බොකෝහමාරම් ත්‍රස්‌තවාදීන් පැහැරගත්තාම නිහඩව ඉන්නයි බෑ. ඒක අනුමත කරනවාද? ඒ ගැන කියන්න ඕනෑ.

ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් සමාජ නියෝජනය කරන කවුද පාරට බැස්‌සේ මේ වෙනුවෙන් හඬ නගන්න, විරෝධය පළ කරන්න. මුස්‌ලිම් දේශපාලනඥයන්, මුස්‌ලිම් ජනතවා නියෝජනය කරන මොන ආගමික සභාවද මේකට විරුද්ධ ප්‍රකාශ කළේ. අද වෙනකම් දැක්‌කේ නෑ. ඒ වගේම කියන්න ඕනෑ 2012 ඔක්‌තෝබර් 09 වැනිදා මුළු ලෝකයම කම්පාවට පත් කළ පකිස්‌තානයේ මලාලා දැරියගේ හිසට වෙඩි තැබීම. ඒකට විරුද්ධව ලංකාවේ ඉන්න මුස්‌ලිම් ප්‍රජාව, මුස්‌ලිම් දේශපාලනඥයෝ මුස්‌ලිම් ආගමික නායකයෝ පාරට ආවේ නෑ. ඒ නිහැඩියාවෙන් පෙන්නෙන්නේ ඒක අනුමත කරන බවද? ඒක වැරදි නම් ඒ පිළිබඳ තමන්ගේ මතය පැහැදිලි කරන්න. මලාලාට වෙඩි තියපු එක වැරදියි කියන්න ඉදිරියට ආපු එක මුස්‌ලිම් නායකයෙක්‌ ඉන්නවද? ඔය මධ්‍යස්‌ථයි කියන මුස්‌ලිම් නායකයෝ කවුරුත් කිව්වද ඒක වැරදියි කියලා. මුස්‌ලිම් විද්වතුන්, බුද්ධිමතුන්, වියතුන් එහෙම ඉදිරියට ආවාද. කවුරුවත් ඇවිත් කිව්වේ නෑ, අර අධ්‍යාපනයේ අයිතිය වෙනුවෙන් පෙනී හිටි මලාලාගේ හිසට වෙඩි තියපු එක වැරදියි කියන්න ජමමයිතුල්ලා උලමා, මුස්‌ලිම් කවුන්සිය, සූරා කවුන්සිලය, මුස්‌ලිම් දේශපාලන නායකයන් කවුරුවත් ආවේ නෑ ඒ ගැන කතා කරන්න.

ප්‍රභාත් විතාන
http://www.divaina.com/2014/08/02/news33.html

Pic Source

4 comments:

Anonymous said...

එහෙම කරන්නේ කොහොමද අයිසේ
අපි උද්ඝෝෂණය කරන්නේ අපිට ඕන ඒවාට විතරයි

අල්ලාහ් හුකෑස් බකෑස්

Anonymous said...

නිශ්න්ත මහත්තයල ඔබතුමාලා ඕනේ ඒවාට විතරක් විරුද්දවෙනවා වගේ ඔය තම්ම්බිලත් එයාල ඕනේ ඒවාට විතරක් විරුද්දවෙනවා ඇති. ඔබතුමාලගේ පක්ෂේ ගංවතුරේ බෆල් රතේ නැගල ගිහින් කැසිනෝ වලට චන්දෙ දීල ගල පහරපු බලල වගේ ඉන්නවා වගේ, නුවර නයිට් කාර් රේස් යනකොට සද්ද නැතුව ඉන්නව වගේ, වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියල මරද්දී දැහැන්ගත වෙලා ඉදල හරක් මරනකොට කුලප්පු වෙනවා වගේ, ඔය තම්බිත් බෝකොහ්රම් දැරියෝ පැහැරගෙන ගියම් සද්ද නැතුව ඉදල ඉශ්‍රයලේට විරුද්දව ටිකක් කැගහුවම මොකෝ ?

Deutscher said...

Ela katawath malli.
Allah hukabar

Anonymous said...

ko ban mewata uththara ? deneth arinne kohomada ohoma hangila ?