පිල්ලේ එනතුරු මහත් බලාපොරොත්තුවෙන් දෙමළ ජාතික සන්ධානය බලා සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී සුරේෂ් පේ්රමචන්ද්ර මහතා පවසයි. ලංකාවේ මානව හිමිකම් කඩවීම් ගැන බොහෝ පැමිණිලි කරන්නට ඇති බවද ඔහු පවසා තිබේ.
මේ දෙ.ජා.ස දේශපාලකයො පිල්ලේට කියන්නෙ මොනවද?
අපටද හැඟෙන එවැනි පැමිණිළි කිහිපයක් පහත දක්වමු. පිල්ලේ හමුවන්නට අපට වරම් නැති නිසා, කරුණාවෙන් මේ පිළිබඳවද දැනුවත් කරනු මැනවි.
1. සිංහල, දමිළ, මුස්ලිම් අහිංසක මිනිස්සු කොටි විසින් කපා කොටා මරා දැමූ අයුරු
2. ගම් බිම් පිටින් විනාශ කරල, පන්සල්, පල්ලි ඝාතනාගාර කල අයුරු
3. ශ්රී මහ බෝධිය, දළදා මාලිගාව ලෙයින් තෙත් කල අයුරු
4. සිංහල, දමිළ, මුස්ලිම් දේශපාලන නායකයො ඝාතනය කල අයුරු
5. රජීව් ගාන්ධි වගේ මුලු ඉන්දියාවම ශක්තිමත්ව ඉදිරියට ගෙනයන්න ගාන්ධි පරපුර පුහුණු කරපු කෘතහස්ත දේශපාලන නායකය මරා දැමීම පිළිබඳව
6. මහ බැංකුව, ගුවන්තොටුපල වගේ ආර්ථික මර්මස්ථාන විනාශ කළ අයුරු
7. බස් වල, දුම්රිය වල බෝම්බ අටවල දහස් ගනන් ජනයා මරා දමපු අයුරු
8. කොටි මතයට විරුද්ධව හඬ නගපු මිනිසුන්ගෙ හඬ උණ්ඩයෙන් නිහඬ කල අයුරු
9. යුද්ධයේදි ත්රස්ත පාලිත ප්රදේශවලින් පලා ආ අහිංසකයන්ට කොටි වෙඩි තැබූ අයුරු
10. සඳහන් කල නොහැකි තරම් කරපු අපරාධ සහ මිනිස් ඝාතන පිළිබඳව
koti nethuwata danuth wenath akaraye winasa ratata sidu wenawane.
ReplyDelete