Pages

Saturday, April 20, 2013

උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.

ලිපියේ මූලාශ්‍රය - https://www.facebook.com/photo.php?fbid=464536643660798&set=pcb.464537096994086&type=1&theater
1990 වසරේදී උතුරු පළාතෙන් පළවා හරින ලද මුස්‌ලිම් පවුල් නැවත පදිංචි කිරීම සඳහා මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ රජයේ ඉඩම් හා වනාන්තර ඉඩම් අක්‌කර 1500 ක්‌ මුදාහැරීමට රජය අදාළ අංශ වෙත උපදෙස්‌ දී ඇත.

ඒ අනුව උතුරු පළාත සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය හා පරිසර අමාත්‍යාංශය මීට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ලබන ජුනි මාසය වන විට එම කටයුතු අවසන් කිරීමට නියමිතය. 

රනිල් ධර්මසේන
උතුරේ මුස්‌ලිම් ජනයාට රජයෙන් අක්‌කර 1500ක්‌
http://www.divaina.com/2013/04/21/news05.html

[
සබැඳි ලිපි
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

2 comments:

Nimmi Muditha Herath said...

වනාන්තර විනාශ කිරිම සඳහා රිෂාඩ් බදුර්දීන්ට බලය ලබා දුන්නේ කවුද? – සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් (සංගදි 24 වෙබ් අඩවිය)

Posted on 11 April 2013.

මුලතිව් සහ මුල්ලියාවලෙයි දෙවන කොටස ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සඳහා වනාන්තර විනාශ කිරීමට ගන්නා උත්සාහය නීත්‍යානුකූල නොවන බව ප්‍රකාශ කල දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, වනාන්තර විනාශ කිරීමේ අයිතිය රිෂාඩ් බදූර්දීන්ට ලබා දුන්නේ කවුද? යනුවෙන් ප්‍රශ්ණ නගා ඇත.

දිස්ත්‍රික්කයේ සිටින බලය ලත් නිළධාරීන්ගේ අනුමැතියක් නොමැතිව, අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ට වනාන්තර විනාශ කිරීමේ අයිතිය කවුරුන්ද යනුවෙනුත්, ඒ සඳහා මුදල් ලැබුනේ කෙලෙසද යනුවෙනුත් මන්ත්‍රීවරයා විමසා ඇත. අක්කර 1400 ක වනාන්තරයක් විනාශකර මුල්ලියාවලෙයි ප්‍රදේශය තුල දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර මතභේදයක් ඇති කරවන අන්දමින් මුස්ලිම් ගම්මානයක් ඉදි කිරීමට උත්සහකරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කර ඇත.

මුලතිව් – මාන්කුලම් මාර්ගයේ මුල්ලියාවලෙයි දෙවන කොටස ප්‍රදේශයේ ඝණ වනාන්තරය විනාශ කර, මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් උත්සාහ දරමින් සිටියි. නමුත් ඔහු කවරෙකුගෙන් අවසර ලබාගෙන වනාන්තර විනාශ කරනවාද යන්න අප නොදන්නෙමු. දිස්ත්‍රික් ලේකම්වරයාට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට කිසිඳු දැනුම්දීමක් කර නොමැත. ඔවුන් මෙම කරුණ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව අප දන්නා සත්‍යයයි.

පරිපාලන ක්‍රමවේදයට අනුව දිස්ත්‍රික් ලේකම්ට සහ ප්‍රාදේශිය ලේකම්ට ලිඛිතව කරුණු ඉදිරිපත් කර, එය ප්‍රසිද්ධ කර ජනතාවගේ අදහස් හා යෝජනා විමසීමෙන් පසු ඔවුන්ගේ අනුමැතිය සහිතව වනාන්තරයක් විනාශ කිරීම කල යුතුය. එවැනි නීතිමය ක්‍රමවේදයක් මෙහිදී අනුගමනය කර නොමැත.

අනෙක් කරුණ වන්නේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් නැවත පදිංචි කිරීම් භාර අමාත්‍යවරයා නොවේ. එබැවින් ඔහුට ඔහුගේ කැමැත්තට වනාන්තර විනාශ කිරීම පමණක් නොව නැවත පදිංචි කිරීමේ කටයුතුද කල නොහැක.

1972 වර්ෂයේ සිට එම ප්‍රදේශයේ ජීවත්වූ දෙමළ ජනතාවගේ යහපත පළමුවෙන් අවධානයට ගත යුතුය. එය නොකර වනාන්තර විනාශ කිරීම සඳහා බැකෝ යන්ත්‍ර ගෙන ඒමත්, දෙමළ ජනතාව සමඟ මත භේද ඇතිකර ගැනීමත්, මුස්ලිම් ජනතාව කැඳවාගෙන විත් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව විරෝධතා පැවැත්වීමත් පිළිගත නොහැක.

අප මෙය අනුමත නොකරන්නෙමු. අප නීත්‍යානුකූල කටයුත්තකට වුවද පැමිණෙන අවස්ථාවල දිස්ත්‍රික්කයේ සිටින රජයේ නිලධාරීන් අපගේ ප්‍රශ්ණ කරයි. රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා, තම හිතුමතයට ඕනෑම දෙයක් කල හැකිය යන මතය ඉවත් කරගත යුතුය.

මෙම පදිංචි කිරීම් සම්බන්ධයෙන් මීට පෙර අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. රජයේ පාර්ශවය විසින් ජුනි 3 වන දින දක්වා කාලය ඉල්ලා ඇත. තත්වය එසේ තිබියදීත් වනාන්තර එලි පෙහෙලි කිරීමට උත්සාහ දැරීම කෙතරම් සාධාරණදැයි යන්න ජනතාව විමසයි යනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

දෙනෙත් හරින්න ! said...

නිම්මි සොයුරිය, අපේ තොරතුරු වලට තවත් සාක්ෂි එක්කර සත්‍යාපනය කළ ඔබට තුති!