Pages - Menu

Pages

Pages

Wednesday, April 3, 2013

මුදල් වෙනුවෙන් රට පාවා දෙන්න එපා - ඥානසාර හිමි

තමන්ට ලැබෙන මුදල් කුට්ටිය ගැන සිතා තමිල්නාඩුව ඊළමක් බිහිකිරීමට උත්සාහා ගන්නා මේ අවස්ථාවේ ජාතිය පාවා දී  රෙදි ගලවා නොගන්නැයි ද එසේ සිදුකොට කටුනායකදී කුණු බිත්තර පහර කෑමට සූදානම් නොවන්නැයිද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ  ඥානසාර  නාහිමියෝ පැවසූහ පසුගියදා පන්නල නගරයේ පැවති බොදුබල සේනා ජාතික සමුලූව අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එම සමුලූව අමතමින් අදහස් දැක්වූ ඒ හිමියෝ,

”ක‍්‍රිකට් තරගත් අද ජාතිය වනසන ව්‍යාපාරයක්ද කියලා හිතෙනවා. බොදුබල සේනා සංවිධානය හැටියට අපි මේ වනවිට ජයග‍්‍රහණ ගණනාවක් ළගාකරගෙන තියෙනවා. අපි මේ සැරේ අවුරුදු කන්නේ හලාල් ලාංජනය නැති රටක. මේ රටේ යහපත උදෙසා යන ගමනේ දී අපි නායකත්වය ලබාදුන් සෑම  කාර්යක්ම ජයග‍්‍රහණය කරලා තියෙනවා. මේක පරාජයේ නවාතැන්පොළක් වීමට ඉඩදෙන්නේ නැහැ. අපෙ මේ ගමන කිසිම ජාතියකට ආගමකට එරෙහිව කරන ව්‍යාපාරයක් නොවෙයි. අප කටයුතු කරන්නේ අන්තවාදයට විරුද්ධවයි.” යැයි පැවසීය.

”අද රවුෆ් හකීම් ඇමතිවරයා කියනව කැබිනට් මණ්ඩලය හදිසියේ කැදවන්න අපිට සිදුවන අකටයුතුකම් ගැන හොයන්න කියලා. ආණ්ඩුව නියෝජනය කරන ජාතික ඒකාබද්ධතා ඇමති වාසුදේව නානායක්කාර මහතා අප සංවිධානය තහනම් කරන ලෙස සති  අන්ත ඉංග‍්‍රීසි පුවත්පතකට ප‍්‍රකාශයක් කරමින් නන් දොඩවමින් ඉන්නවා. මේ රටේ දේශපාලන ගොන් රැුළයි ඇතැම් නිලධාරීනුයි එකතුවෙලා බොදුබල සේනාවට විරුද්ධව බොරු මතයක් හදලා තියෙනවා අපි කිසිම තැනක අන්‍යාගම් හෙළා දැකලා නැහැ. ලංකාවේ කිසිම පොලීසියක මුස්ලිම්වරුන්ට එරෙහි  වුණා කියලා පැමිණිල්ලක්වත් නැහැ.” යනුවෙන්ද උන්වහන්සේ පැවසූහ. 

කුණු බිත්තර පහර කෑමට සැරසෙනු – ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ට අනතුරු ඇඟවීම්
April 2, 2013 at 10:47 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/92615/

11 comments:

  1. මිනිස් ක්‍රියාකාරකම් අපට ප්‍රධාන කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒවා නම් හොද නරක සහ හරි වැරදි ය.
    අප හොද වැඩක් හරි විධිහට කලොත් ඒහි ප්‍රතිඵල යහපත්ය.

    හොද වැඩක් වැරදි විධිහට කලොත් ඒහි ප්‍රතිඵල අයහපත්ය.

    වැරදි වැඩක් හොද විධිහට කලොත් ප්‍රතිඵලය සමාජයට අයහපත්
    වුවත් ක්‍රියාව කරන්නාට වාසි සහගත විය හැක.

    වැරදි වැඩක් වැරදි විධිහට කලොත් ක්‍රියාව කරන්නාටත් සමාජයටත්
    අයහපත් ප්‍රතිඵලයක් ලැබෙනු අැත.

    ඉහතසදහන් ක්‍රම සතරෙන් දෙවැනි හෝ තුන්වැනි ක්‍රමයට, බොදුබල සේනාවේ ක්‍රියාකාරකම් අයත්වන බවයි මගේ හැගීම. මේ ක්‍රම දෙකෙන් මොන කුමය අනුගමනය කලත් ප්‍රතිඵලය අයහපත්ය

    ReplyDelete
    Replies
    1. ඔය කියන එක කතාවක් වත් බොදු බල සේනාවට අදාල නෑ ඔය ඔක්කොම ඔයාගේ මනස්ගාත.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අපේ රටේ මිනිස්සු පුදුම ආතල් දෙන්නේ. රට වෙනුවෙන් මෙලෝ දෙයක් නොකරන උන් කරන උන්ට කරන්න ඕනේ දේ උගන්නන්න යනවා. මේ සීන් එක ඉස්කෝලේ යන කාලෙත් අපි දැක්කා. කිසිම දෙයක් පාසල වෙනුවෙන් නොකරන පන්ති ඇතුලට වෙලා උද බලාගෙන ඉන්න උන් තමයි ඉස්කෝලෙ උඩින් මැස්සෙක් ගියත් කෑ ගහල නහින්න හදන්නේ. බාහිර වැඩක් කරලා පාසල නියෝජනය කරපු, විභාග වලින් හොඳ රිසල්ට්ස් දාපු එකෙක් වත් එහෙම හැසිරුනේ නෑ. හැබැයි අර නිකම්මු ටික වැඩ කරන උන් කරන හැම වැඩේම ඇද කුද හොයන එක නම් අගේට කරනවා. අන්න ඒ නිකම්මු ටික තමයි රට වෙනුවෙන් කියල ඔය නහින්න හදන්නෙත්.

    ReplyDelete
    Replies
    1. එතකොට බොදු බල සේනාව මොකුත්ම කරල නැද්ද? දැන් මේ රටේ සිංහල බෞද්ධ පදනම බිඳල දාන්න දත කාපු එවුන් මෙච්චර වියරු වැටිල ඉන්නේ හීනෙන් බය වෙලා වෙන්ටැ?

      Delete
  4. යකෝ අර කැසිනෝ දාන්න යනව. කටක් ඇරපල්ලකෝ. එව්වා බොදු බලළට හොදයි මොකද කොරන්නේ ආණ්ඩුව නෙව.

    ReplyDelete
    Replies
    1. කැසිනෝ දාන එකද වරද නැත්නම් මිනිස්සු ඒවා ගහන්න යන එකද? නිකන් අරාබි රටවල වගේ ගෝත්‍රික අදහස්නේ උබලට තියෙන්නේ?

      Delete
  5. හාමුදුරුවෝ කියන කතාව ඇත්ත එහෙන් එන්න එපා කියද්දී යන එක මහ ලැජ්ජ නැති වැඩක්. වෙන රටවල් නම් ක්‍රීඩකයන්ට තියා තමන්ගේ සාමාන්‍ය පුරවැසියන්ට පවා කිසියම් රටකදී ආරක්ෂාවක් ලැබෙන්නේ නැති බව පේනව නම් අදාල රටේ සංචාරය කිරීමෙන් වලකින ලෙස දන්වා සිටිනවා ඒකට ලංකාවේ.

    මෙහේ ඉන්න බූරුවෝ දන්නේ උන්ට මොලේ පාදල දෙන්න දත කන හාමුදුරුවන්ටත් බැන බැන බූරු වැඩ කරන්න විතරයි.

    ReplyDelete
  6. ලන්කාවෙ ඉන්න සින්හල බවුද්දයො ටික අපුරුවට බුද්ධාගම ඉවර කරගෙන යනව.වැඩේ කියන්නෙ උන්ට ඒ ටිකවත් තේරෙන්නෙ නැහැ.තව ටික දවසක් යද්දි.,ලන්කාවෙ අප්ඩේට් නොවුන දුප්පත් මෝඩයො ටිකට ඉතිරි වෙන්නෙ උන් තමය්.කතෝලිකයො ඉන්න පලාත් දවසට දෙකට දියුනු වෙනව.මහින්දයටම හරියන බුරුවො ටිකක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙම පොර ටෝක් දෙන්නේ එක්කෝ අබෞද්ධයෝ නැත්නම් වැස්සකට වත් පන්සලකට යන්නේ නැති නාමමාත්‍රික බෞද්ධයෝ

      Delete
  7. මුල්ම අැනෝට පිලිතුරක්.
    මා අදහස් කල දෙය ඔබට වැටහී නැති බවයි පෙනීයන්නේ. මා කී දේට හොදම උදාහරනය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති යුද්ධය මෙහෙයවපු අාකාරය.යුද්ධය කල අාකාරය වැරදිනිසා යුද්ධය දිනුවත් අද අපට ඒහි ප්‍රතිඵල බුක්ති විදීමට ඉඩ ලැබී නැත. ඔහු යුද්ධ්‍ය මෙහෙයවූයේ ඉතාමත් හිතුවක් කාරී අාකාරයටය. ඒදා උතුරේ සිටි සියළුම N G O නියෝජිතයින් සහ දෙස් විදෙස් මාධ්‍යය වේදීන් (අයි.ටී.ඒන්. සහ ස්වර්ණවාහිනී දෙදෙනෙකු හැර )සියළු දෙනාම කොලඹට සීමා කලා. ඒ නිසා යුද්ධයේ අවසන් අදියරේදී මොකද වුනේ කියලා දන්නේ ගහපු මිනිහයි ගුටි කාපු මිනිහයි විතරයි. වෙනත් සාක්ෂි කිසිවක් නැහැ. ඉතින් ප්‍රශ්ණය උග්‍ර වුනේ පශචාත් යුධ සමයේ රජයේ ක්‍රියා කලාපය උඩ.පශචාත් යුධ සමයේත් රජය දරදඩු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවානම් යුධ සමයේ කොහොම වෙන්න අැතිද කියා සැක අැති වෙනවා. වියානා වල ඔය පසුගිය දිනවල රග දැක්වුනේ ඒ සැකයේ ප්‍රතිඵලයි. ප්‍රභාකරන්ගේ පුතා මියගොස් වසර හතරනට පසු පින්තූර ඒලියට ඒනවා රජයේ හමුදාවන්ට යුධ අපරාධ චෝදනා කරමින්.ඒසේ වන්ෙන් ඒදා අපි යුද්ධය කල අාකාරය වැරදි නිසයි.
    අද බොදුබල සේනා කරන්නේත් ඒ හා සමානම දෙයක්. ඔවුන් අද මාධ්‍යය ඉස්සරහා නීතිය අතටගෙන ක්‍රියාත්මන වෙනවා. වැරැද්ද ඒ තැනැයි. මුස්ලිම් අන්තවාදීන් මර්ධනය කලයුතුනම් ඒය නීත්‍යානුකූලව රජය විසින් කරයි. (නීත්‍යානුකූල නොවන අයුරින් කරන අාකාරයද ගෝඨාභය ලේඛම් තුමා හොදින් දනී) ඒ නිසා බෞධ චීවරය නිගාවට පත් කිරීමෙන් වලකින ලෙසයි මා ඉල්ලා සිටින්නේ.
    ක්‍රිකට් ක්‍රිඩාව පිලිබද ප්‍රශණයද ඒසේමය. ඒය ක්‍රිකට් පාලක මණ්ඩලය හා ක්‍ර්ඩකයින් විසින් විසදා ගනුඅැත. ස්වාමීන් වහන්සේලා ඔවුන්ට පිරිත් නූල් බැන්දට කුනු බිත්තර ප්‍රහාර ඒල්ල කිරීමට විනය පිටකයේ අවසර දී නැත.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!