Pages - Menu

Pages

Pages

Saturday, May 25, 2013

යාපනයට යුද හමුදා ජනපදයක්‌

යාපනය අර්ධද්වීපයේ නව යුද හමුදා ජනපදයක්‌ පිහිටුවීමට සැලසුම්කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා "දිවයින ඉරිදා සංග්‍රහයට" පැවසීය.

අර්ධද්වීපය පුරා දැනට තිබෙන යුද හමුදා කඳවුරු වලින් 03 ක්‌ පමණක්‌ ඉතිරි කර සෙසු කඳවුරු ඉවත් කර ඒවා යුද හමුදා ජනපදය තුළ පිහිටුවන බවද හෙතෙම පැවසීය.

එසේ ඉවත් කරන කඳවුරු පිහිටි ඉඩම් නැවත ඒවායේ හිමිකරුවන් වෙත පවරා දෙන බවත්, පලාලි යුද හමුදා ජනපදයේ පිsහිටි ඉඩම්වල හිමිකරුවන්ට වන්දි මුදල් ලබාදෙන බවත් ලුතිනන් ජෙනරාල් ජයසූරිය පැවසීය.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්‌ථානය සහ ගුවන් තොටුපල පිහිටි පලාලි ප්‍රදේශය තුළ මෙම නව යුද හමුදා ජනපදය පිහිටුවන අතර, කන්කසන්තුරේ නාවික වරාය පිහිටි ප්‍රදේශයද නව හමුදා ජනපදයට අයත් වනු ඇත.

යාපනය අර්ධ ද්වීපයේ යුද හමුදා කඳවුරු ඉවත් කර ගන්නා ප්‍රදේශවල සිවිල් පාලනයට අදාළ නීතිය හා සාමය රැකීමේ සම්පූර්ණ වගකීම පොලිසිය වෙත ලබාදෙන බවද යුද හමුදාපතිවරයා පැවසීය.


සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2013/05/26/news05.html 

1 comment:

  1. සිරිමෙවන් උඹ ඒ කාලේ ජෙනරල් ෆොන්සේකාගේ පස්සපැත්ත ලෙවකාගෙන හිටියා. ජෙනරල්ට කැපුනම හෙමීට ශේප් වුනා. ඒ කාලේ උඹ හරියට බ්‍රිගේඩියර් කෙනෙක් වගේ. රැස් විහිදෙනවා. හමුදාවේ ලොකු නිලධාරීන්වවත් උඹ ගණන් ගත්තේ නැහැ. උඹ කවදත් ඔය පස්ස පැත්ත ලෙවකන මාධ්‍ය කලාවට දක්ෂයා කියලා අපි දන්නවා. ඔයිට වැඩිය හොඳ නැද්ද උඹත් ටිකක් සුදුපාට නිසාත් උඹේ ගෑනිත් ඉන්න නිසාත් දෙන්න එකතුවෙලා ඩප් හවුස් එකක් පටන්ගත්තනම්. උඹට පුලුවන්නම් දැන් ඉන්න ආමි කමාන්ඩර්ට ඉක්මනට කෙලවපන්. බොනී බලාගෙන ඉන්නවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!