Pages - Menu

Pages

Pages

Monday, June 3, 2013

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට නියමුවන් රහිත ගුවන් යානයක්‌

ප්‍රථම වතාවට නිර්මාණය කරන ලද ගුවන් යානය විශ්වවිද්‍යාල භූමියේදී ගුවන්ගත කර තිබූ අයුරු සහ එය නිර්මාණය කළ මහාචාර්ය සුදත් රෝහණ මහතා මෙහි දැක්‌වේ.
ඡායාරූප - එස්‌. පී. ආරියරත්න - රත්මලාන 

යු. ඒ. වී. (UAV) හෙවත් නියමුවන් රහිත ඔත්තු බැලීමේ ගුවන් යානයක්‌ මෙරටදී ප්‍රථම වතාවට නිර්මාණය කර තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් මෙය නිර්මාණය කර ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය හා ඉලෙක්‌ට්‍රොනික දෙපාර්තමේන්තුවේ මහාචාර්ය සුදත් රෝහණ මුණසිංහ මහතා සහ ඉංජිනේරු සිසුන් සිව්දෙනකු එක්‌ව මෙම ගුවන් යානය නිර්මාණය කර ඇත.

මීටර් 200 ක පමණ උසකින් ගමන් කරමින් විනාඩි 12 ක පමණ කාලයක්‌ ගුවන්ගතව සිට අවට ප්‍රදේශය නිරීක්‌ෂණය කර දත්ත මූලස්‌ථානයට ලබාදීමට හැකි අයුරින් මෙය නිපදවා ඇත.

මෙම ගුවන් යානය සඳහා ආරක්‌ෂක අමාත්‍යාංශයේ අවසරය ලැබීමෙන් පසු ලැබෙන අනුග්‍රහය මත මීට වඩා වැඩි දියුණු කරන ලද ගුවන් යානා පවා නිර්මාණය කිරීමේ හැකියාව ඇතැයි මහාචාර්ය සුදත් රෝහණ මුණසිංහ මහතා පැවැසීය. 

චමින්ද සිල්වා 
http://www.divaina.com/2013/06/03/news13.html

2 comments:

  1. අනිවාර්යයෙන් ගන්කබර පවුලට මේක අයිතිකරගන්නවා

    ReplyDelete
  2. congratulations to you Sir and all

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!