Pages

Wednesday, July 10, 2013

ගෝනි ඇඳුම සහ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය

මෙරට බහු ආගමික සහ බහු වාර්ගික අනන්‍යතාව අමතක කර බොදු බලසේනා සංවිධානය මුස්ලිම් කතුන්ගේ නිකබය තහනම් කිරීමට කර ඇති යෝජනාව මගින් සිය ආගම ජාතිය රැක ගන්නා අතර අන්‍ය ජාතීන් සහ ආගම්වලට ගෞරව කිරීමේ සරධර්මය ඇති බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පැවසූවාය.

ශ‍්‍රී ලංකාවට පැමිණෙන සංචාරක කතුන්ගේ විළිවැසීම සදහා ඉදිරිපත් විය යුතු මොහොතක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මුස්ලිම් කතුන්ගේ නිකබය තහනම් කිරීමට යෝජනා  කිරීම මානව හිමිකම් පමණක් නොව කාන්තා අයිතිවාසිකම්ද උල්ලංඝනය  කිරීමක් වන බවද අයිතීන් උදෙසා කන්තාවෝ පවසති.

අන්‍ය ආගම් ජාතීන් සංස්කෘතීන් හා අනන්‍යතාවන්ට  බලපෑම් කිරීමේ පහත් තැනට නොවැටෙන ලෙස ඥානසාර හිමියන්ගෙන් ඉල්ලා සිටින ගුණසිංහ මහත්මිය වැඩිදුරටත් මෙසේද කීවාය.

‘ඥාණසාර  හිමියන් මේ යෝජනාව කරන්නේ ආරක්ෂාව වෙනුවෙන් නම් උන්වහන්සේ පළමුවන්ම කරන්න  ඕනේ මේ රටේ සිද්ධවෙන ගණිකා ජාවපාරම්, මත්ද්‍රව්‍ය  ජාවාරම් හා සමහර දේශපලනඥයන් කරන වැරදිවලට එරෙහිව සටන් කිරීමයි. මුස්ලිම් කාන්තාවන්ගේ ඇදුමෙන් සමාජයට හානියක් නැතිනම් එයට බලපෑම් කරන්න කිසිවකුට අයිතියක් නැහැ. මේ රටට දැන් එන විදේශීය සංචාරක කතුන් කොයි තරම් නම් විලි ඇරගෙනද? අඩ නිරුවතින් ඉන්නවද?

මුස්ලිම්  කාන්තාවන් සිය කැමැත්තෙන් නිකාබය ඉවත් කරනවා නම් එයටත් බලපෑම් කළ නොහැකියි. සමහර මුස්ලිම් රටවල් ඇදුමෙන් ශරීරය ආවරණය නොකළවිට කාන්තාවෝ මැරුවා. දැන් ලංකාවේ හදන්නේ ඇදුමෙන් කොටසක් වැඩි බව කියා එය තහනම් කරන්න.

මේක බොහෝම අසාධාරණ ක‍්‍රියාවක්. ප‍්‍රධාන අවශ්‍යතාව තියෙන්නෙ කාන්තාවන්ගේ ඇදුම් කොටස් ඉවත් කිරීමේ නොවේ. ඔවුන්ට ඇදුම් අන්දන එකයි. ඒ නිසා අපි ඥානසාර හිමියන්ගෙන් ඉල්ලන්නේ නරකට විරුද්ධව සටන් කරන ලෙෂ හා මුස්ලිම් කාන්තාවන්ගේ අනන්‍යතාවයිට බලපෑම් නොකරන ලෙසයි’

ප.ලි.
සමන්මලී ආර්යාවගේ දෙනෙත් අඳ වීම ගැන වීම ගැන අපි කණගාටු නොවෙමු. මෙවන් කතුන් සමස්ථ කාන්තාවෝ නොමඟට යොමුකරති. මෙසේ දෙනෙත් අඳ වීමට හේතු බොහෝය. NGO මුදල් කුට්ටිය වෙනුවෙන් තම රටේ ආරක්ෂාව පමණක් නොව, තම මව් පවා පාවාදීමට ඇතැමුන්ට හැකිය. ගෝනි ඇඳුමට මුවාවී, මිනී මැරුමට, බැංකු කොල්ල කෑමට, පාතාල නඩු කාරයන් වීමට සංකෘතියේ නාමයෙන් අප ඉඩදිය යුතුද? ලියුම්කරුගේ සරසවි දිවිය තුළ, මුසලු තරුණියෝ මෙම ගෝනි ඇඳුමට මුවාවී විභාග වංචාකළ හැටි ගැන ප්‍රායොගික අත්දැකීම් ඇත. අවසාන වශයෙන් මෙසේ ලියමි. විදෙස් තරුණියන් අඩනිරුවතින් සිටීම යම් සංස්කෘතික ගැටළු ඇතිකරන බව සත්‍යයකි. නමුත් එය රටේ, ජනතාවගේ ආරක්ෂාවට කිසිසේත් තර්ජනයක් නොවේ.

ගෝනි ඇඳුම තහනම් කරන්නට ආරක්ෂක ලේකම් තුමාගෙන් ඉල්ලා සිටින මහජන පෙත්සම
https://www.facebook.com/photo.php?fbid=128529177357136&set=a.127931600750227.1073741828.127861034090617&type=1&theater

ඥාණසාර හිමියනි, මුස්ලිම් කාන්තා රෙදි ගලවන්න පෙර සුද්දියන්ට රෙදි අන්දවන්න
July 10, 2013 at 10:47 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/97149/

1 comments:

ප්‍රතිවාදියා said...

මේ ගොන් හැත්තගේ තර්කය හාස්‍යජනක එකක්. ගෝනි ඇඳුම ඇඳගෙන මහ දවල් පීඩා විඳින එක ගෑනුන්ට හොඳ විනෝදාංශයක්දැයි උන්ගෙන් ඇසියයුතුයි. මුන් සේරම සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහිව එකපැත්තක් ගන්නවා. ඒවගේම මුන් මුස්ලිම් රටකට ගියානම් කාන්තා අයිතිය හැටියට ගන්නේ ඒරටේ ගෝනි ඇඳුම අඳින ගෑනුන්ගේ රෙදි ගලවන එක. මුන්කාන්තාවන් වෙනුවෙන් පෙනීහිටින පිරිසක් නෙවෙයි. අවස්ථාවාදීව කාන්තාවන්ට බලපාන සැබෑ සමාජ ගැටලු අයතා විදිහට පරිහරණය කරමින් පිරිමින්ට විරුද්ධව බටහිර කාන්තා විමුක්තිය වපුරන එවුන්. උන් මෙතනදි ගෝනි ඇඳුමට පක්ෂ වෙන්නේ එකක් සිංහල ජාතියට එරෙහිව මුස්ලිම් වර්ගවාදය පැත්ත ගන්න, අනෙක මුස්ලිම් සමාජයේ තියෙන කාන්තාවන්ගේ සිරුරවැසීමේ කුහක ප්‍රමිතිය තුලින් විකුර්ති කාමුකත්වයට අනුබලදෙන්න තියෙන හැකියාවෙන් ප්‍රයෝජනය ගන්න.