Pages - Menu

Pages

Pages

Friday, August 30, 2013

රතුපස්වලට හමුදාව කැඳවූයේ ගම්පහ පොලිස් අධිකාරිවරයා විසින්

බීමට ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල ජනතාව සිදුකළ මහජන උද්ඝෝෂණය විසුරුවා හැරීමට යුද හමුදා නිලධාරීන් කැඳවනු ලැබුවේ ගම්පහ පොලිස් අධිකාරිවරයා විසින් බව ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (29දා) හෙළිදරව් විය.

මේ සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ බීමට ජලය ඉල්ලා වැලිවේරිය ජනතාව සිදු කළ උද්ඝෝෂණයට පහරදීමට හමුදාව කැඳවීමට තීරණය කළේ කවුරුන්ද යන්න පිළිබඳ මෙතෙක් හෙළිදරව් වී නොමැති බවයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ උද්ඝෝෂණය මැඬ පැවැත්වීම සඳහා පොලිසියට සහායවීමට හමුදාව කැඳවනු ලැබ ඇත්තේ ගම්පහ පොලිස් අධිකාරිවරයා විසින් බවයි.

වැලිවේරිය සිද්ධියට අදාළ නඩුව ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා හමුවේ ඊයේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේ මේ බව අනාවරණය විය.වැලිවේරිය සිද්ධිය ඇති වූ අගෝස්තු 01 වැනිදා සිට ඊයේ (29දා)  වන තෙක් දින 29ක් ගතවනතුරු ජනතා උද්ඝෝෂණය මැඬලීමට හමුදාව කැඳවනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ අනාවරණය වී නොතිබිණි. ඊයේ දිනද වැලිවේරිය උද්ඝෝෂකයන්ට එල්ල වූ ප්‍රහාරයේදී පීඩාවට පත් තිදෙනකු අධිකරණය හමුවේ සාක්කි දුන්හ.
එම නඩුව සැප්තැම්බර් 06 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඉෂාර රත්නකාර
http://www.mawbima.lk/35-34299-news-detail.html

1 comment:

  1. මේවා විස්වාස කරයි කොන්ඩේ බැඳපු චීන්නු. ජේ.වී.පී.එකෙන් තමයි උද්ඝෝෂණය මෙහෙයවන්නේ කියලා උන්ට ගහන්න කණ්නාඩි පොළඟා නන්දසේන ගෝටා තමයි බලහත්කාරයෙන් ආමි එක එව්වේ. දැන් මේ අහිංසකයන් බිල්ලට දෙනවා. පක්කලි කම් කරන පොලිස් කාරයන්ටත් මේවා හොඳ පාඩම්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!