ගැටලුවට මුල් වූ අලුතෙන් පිහිටුවා තිබූ මුස්‌ලිම් දේවස්‌ථානය ඉවත් කර පැරැණි දේවස්‌ථානයේම යළි ආගමික වතාවත් කිරීමට ඉඩදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුන් උපදෙස් අනුව ක්‍රියාකිරීමට සියලු දෙනාම එකඟ වූ බව තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව බුද්ධ ශාසන අමාත්‍යංශයේ සියලු පාර්ශ්වවල සහභාගිත්වයෙන් ඊයේ (11 දා) පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්‌වමින් ඇමැතිවරයා මේ බව කීය.
"මේ ප්‍රදේශය සියලු ජාතීන් සහජීවනයෙන් ජීවත් වූ ප්‍රදේශයක්. මෙම සිද්ධියෙන් පසු අපි තීරණය කළා අලුතෙන් පිහිටුවා තිබූ දේවස්‌ථානය ඉවත් කර පැරැණි දේවස්‌ථානයේම මුස්‌ලිම් ආගමික වතාවත් කිරීමට ඉඩ ලබා දීමට. ඒ වගේම පැරැණි දේවස්‌ථානය අසල ඇති බෝ වෘක්‍ෂය ඉවත් කිරීමටත් එකඟ වුණා.
නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබූ එම දේවස්‌ථානය පිහිටි ඉඩම යළි ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබූවා. ඒ අනුව සියලු දෙනාගේ එකඟත්වයෙන් ගැටලුව නිරාකරණය වුණා. මෙය කාගෙවත් ජයග්‍රහණයක් නොවෙයි. සියලු දෙනාට සහයෝගිතාවයෙන් ජීවත්වීමට ගත් පියවරක්" යෑයිද ඇමැතිවරයා කියා සිටියේය.
ධම්මික සල්වතුර
http://www.divaina.com/2013/08/12/news11.html

MUN KAPUTU BO KIYALA OONEMA BO GASAK KAPAVI. KANNA OONE UNAMA KABARAYA.... WAGE.
ReplyDelete