Pages - Menu

Pages

Pages

Sunday, September 15, 2013

ඉන්දියාවේ මුස්‌ලිම් ආගමික ගැටුම් වැඩිවෙයි

ඉන්දියාවේ ආගමික ගැටුම් විශේෂයෙන්ම හින්දු මුස්‌ලිම් ගැටුම්වල වර්ධනයක්‌ සිදු වී ඇතැයි එරට රජය කියයි.

ඉන්දීය රජයේ අමාත්‍යවරයකු උපුටා දක්‌වමින් බී.බී.සී. වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබුණේ මේ වසරේ මුල් මාස 9 තුළ ආගමික ගැටුම් 451 ක්‌ වාර්තා වී ඇති බවයි. පසුගිය වසරේදී ආගමික ගැටුම් 410 ක්‌ වාර්තා වී තිබේ. 

උතුරු දිග උත්තර් ප්‍රදේශයේ මුෂාµනගර් පළාතේ ඇතිව තිබෙන හින්දු මුස්‌ලිම් ගැටුම් නිසා පුද්ගලයන් 38 ක්‌ මියගොස්‌ ඇති අතර තවත් 50 ක්‌ පමණ තුවාල ලබා ඇත.

මේ ගැටුමට මැදිවී ඉන්දීය රූපවාහිනි මාධ්‍යවේදියෙක්‌ද මරණයට පත්විය.

හින්දු මුස්‌ලිම් ගැටුම් ව්‍යDප්තිය වළක්‌වාලීම සඳහා මේ ප්‍රදේශයට හමුදාව කැඳවා ඇත. මුස්‌ලිම් ගම්වාසින් අතින් හින්දු ගම්වැසියන් තිදෙනකු ඝාතනය වීම මෙම ගැටුමට මූලික හේතුව වී ඇත.

මේ පළාතේ ප්‍රදේශ කිහිපයකම දින ගණනක්‌ පුරාවට ඇඳිරි නීතිය පණවා තිබිණි.

http://www.divaina.com/2013/09/14/forign04.html

සබැඳි ලිපි -
[

ඉන්දීය උත්තර ප්‍රදේශයේ හින්දුමුස්‌ලිම් ගැටුම්වලින් 15 ක්‌ මියයති
http://denethharinna.blogspot.com/2013/09/15.html
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු-මුස්‌ලිම් ගැටුම් 12 ක්‌ මරු දකිතිhttp://denethharinna.blogspot.com/2013/09/12.html
]

1 comment:

  1. your news sources are divaina? god bless you!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!