Pages - Menu

Pages

Pages

Friday, October 4, 2013

සුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකති

පොළොන්නරුව රාජධානියේ පරාක්‍රමබාහු රජ සමයේ විසූ සුගලා දේවියගේ දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවා හැර දේහයේ තිබූ ස්වර්ණාභරණ පැහැරගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

මහවැලි “සී” කලාපයේ මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත සුගලාදේවියගේ දේහය ගල් ගුහාවක තැන්පත් කොට තිබූ බව පැවසෙන අතර, එය ගඩොල් බිත්තියකින් ආවරණය කර තිබූ බවට තොරතුරු හෙළිවී තිබේ.

මීවත්පුර ප්‍රදේශයේ ගල්කොරියක් පවත්වාගෙන යන මුවාවෙන් මේ දේහය සොයාගෙන ඇති අතර, අඩි 8ක් පමණ දිගින් යුත් ගල් පෙට්ටියක සුගලාදේවියගේ දේහය තිබූ අතර, එය වනාන්තර පෙදෙසකට ගෙන ගොස් පුළුස්සා දමා ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.

මේ දේහයේ රනින් කරන ලද ස්වර්ණාභරණ තිබූ බව පැවසෙන අතර, ඒවා කිසියම් පිරිසක් පැහැරගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

- Dinamina
http://lankacnews.com/sinhala/main-news/102152/

කතෲ සටහන -
මේ නම්, අහස පොළොව නුහුලන අපරාධයක්. අප සැමට පුදුම හිත්වේදනාවක් ඇතිඋනා. මහා උරුමයක්... බෙහෙත් ගල්වා සුරක්ෂිත කරන ලද මිනියක්... එසේ කල්පවත්නා පරිදි සංරක්ෂයට යෙදූ තාක්ෂණික ක්‍රම, ඖෂධ, ක්‍රමවේදය ආදිය ගැන වෙනම පර්යේෂණයක් කරන්න තිබුණා. ඉතිහාසයේ නව පරිච්ඡේදයක ඇරඹුම ඉතා අවාසනාවන්ත ලෙස වැනසී ගියා. අපිට තිබූ ඓතිහාසික, තාක්ෂණික, දැවැන්ත, වටිනා උරුමයක්, ගල්කොරිකාරයෙකුගේ මුග්ධ ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම වැනසී ගියා. උරුමය රකින්නට සිටිනා බලධරයන් මර නින්දේ. නැත්නම් පුරා විදු බිමක්, දෙයිද ගල් කඩන්නට???

3 comments:

  1. තිලකා රන්දෙනි- මේක හෙණ ගහන අපරාධයක්. රත්තරන් නෙමෙයි මෙතන වටින්නේ. ඒ මෘත දේහයේ වටිනාකම කියා මිළ කළ නොහැකියි.අවාසනාවට මුන්ගෙන් පළි ගන්න සුගලාගේ ආත්මයට දැන් බෑ. ඒ උනත් මං මේක සොහොන් කාළිට භාර කරනවා.

    ReplyDelete
  2. මේවනම් හෙන ගහන අපරාද. 2004 ඉදන් මේක කරගෙන ගිය බවක් කියවෙනවා. එහෙනම් මෙච්චර විනාශයක් කලේ නිතිය රකින උන්ටත් පගා දිලා වෙන්න ඕන. කාලකන්නි!
    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    වටින කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැගැසුවත් හතරවටේ
    ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ
    ...........
    ..........
    කළුගල් වලට විකුණාගෙන සීගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කලහැකිය...

    මේ සිද්ද වෙගනයන්නේ මේකද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!