මහානායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උන්වහන්සේ අසා සිටියේ ගැහැනියෙක් මිනිසෙක් බවට පත් කිරීමට හා මිනිසෙක් ගැහැනියක් බවට පත් කළ හැකි රටක සුරාසල් වසා දැමීමට නොහැකි මන්දැයි විමසමිනි. සුරාබදු කොමසාරිස්‌වරයා නම් පවසන්නේ වසර දහයකට පෙර ලබාදුන් බලපත්‍ර අහෝසි කළ නොහැකි බව යෑයි ද අඩුම තරමින් දළදා මාලිගාව අවට ඇති සුරාසල් වසා දමා මතින් තොර රටක් නිර්මාණය කිරීම වහා කළ යුතු බවද උන්වහන්සේ කීහ.
මෙහිදී කතා කළ පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණන් කියා සිටියේ මේ මත් උවදුර නිසා දෙමාපියන් මහ පාරට වැටී ඇති බවයි. ඒ දෙමාපියන් ශාප කරන බවත් ඒ ශාපය මේ අයට යම් දිනක වදිනු ඇති බවත් උන්වහන්සේ කීහ.
පූජ්‍ය දොඩංගොඩ සාරානන්ද හිමියන් මෙහිදී කියා සිටියේ දළදා මාලිගාව අවට සුරාසල් මුලින්ම වසා දමා මතින් තොර රටක් බිහිකිරීමට ක්‍රියා කළ යුතු බවයි. මතට තිත සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බවද උන්වහන්සේ එහිදී කියා සිටියහ.
මෙම පුවත්පත් සාකච්ඡාව සඳහා මහානායක හිමිවරු පිරිසක් සහභාගි වූහ.
http://www.divaina.com/2013/10/04/news36.html






0 comments:
Post a Comment