Pages - Menu

Pages

Pages

Friday, November 21, 2014

ජපාන මැග්ලෙව් දුම්රිය පැයට කි.මී 500 වේගය ඉක්මවයි!

ලොව මෙතෙක් වාර්තාවී ඇති වේගවත්ම දුම්රිය ධාවනයක් සිදුකරමින් ජපාන මගීන් 100ක් රැගෙන ගිය දුම්රියක් පැයට කිලෝමීටර 500ක වේගසීමාව ඉක්මවා ඇතැයි වාර්තාවේ. එනෝහරා සහ ෆුඑෆුකි නගර අතර ධාවනය වූ මෙම දුම්රිය චුම්භක එසවුම් තාක්‍ෂණය භාවිතා කර තිබේ.

මැග්ලෙව් තාක්‍ෂණයේදී චුම්භක බලය භාවිතයෙන් දුම්රිය පීල්ලෙන් මදක් එසවෙන අතර එනිසා ඝර්ෂණය මගින් සිදුවන බාධාව අවම කරගැනීමට ඒ හරහා හැකියාව ලැබී ඇත.

62 හැවිරිදි කාර්යාල සේවකයකු සහ දුම්රිය රසිකයකු වන මුරමාසා හිරෝකි තමන් ලැබූ අත්දැකීම ගැන පවසා ඇත්තේ ගුවන් යානයක් පියාසර කිරිමට සමාන ලෙස සැහැල්ලූ බවක් තමන්ට දැනුණු බවයි.

දුම්රිය තුළ සවිකර තිබූ වේග දර්ශකයක් මගින් දුම්රියේ වේගය බලාගැනීමට මගීන්ට හැකිවූ අතර එය අත්පත් කරගත්  ඉහළම වේගය වන්නේ පැයට කිලෝමීටර් 502කි.  මැග්ලෙව් තාක්‍ෂණය මේ වන විට දුම්රිය ගමනාගමනයේ  වේගවත්ම ආකාරයයි.

එය විසින් ජපාන බුලට් දුම්රියක වේගය වන පැයට කිලොමීටර් 300ක වේගසීමාව පහසුවෙන් ඉක්මවා තිබේ.  මධ්‍යම ජපාන දුම්රියසේවා සමාගම හෙවත් ජේ.ආර් ටෝකායි විසින් මැග්ලෙව් දුම්රිය ධාවන පරීක්‍ෂණ දින 8ක් ප‍්‍රකාශයට පත්කර ඇති අතර ඒවා සඳහා සහභාගී වීමට හැකි දුම්රිය රසිකයින් 2400ක් අයදුම්කරුවන් ලක්‍ෂ 3ක් අතරින් ලොතරැයියක් හරහා තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/125113/

2 comments:

  1. //මධ්‍යම ජපාන දුම්රියසේවා සමාගම හෙවත් ජේ.ආර් ටෝකායි විසින් මැග්ලෙව් දුම්රිය ධාවන පරීක්‍ෂණ දින 8ක් ප‍්‍රකාශයට පත්කර ඇති අතර ඒවා සඳහා සහභාගී වීමට හැකි දුම්රිය රසිකයින් 2400ක් අයදුම්කරුවන් ලක්‍ෂ 3ක් අතරින් ලොතරැයියක් හරහා තෝරාගෙන ඇතැයි වාර්තා වේ.//

    ජේ.ආර්........ අන්න දැක්කා නේද ජේ.ආර්.ගේ ක්‍රමේ තමයි ලෝකේ කොහෙගියත් හරියන්නේ. මහින්ද මාමා උනත් ඇද ඉන්නේ ජේ.ආර් සීයා හදලා දුන්න ක්‍රමේ නිසානේ.

    ReplyDelete
  2. Yes, this proves JR was correct! It is proved in advanced technological innovations taking place countries like Japan. JR was a true Sri Labkan son whom we should all feel proud of.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!