Pages - Menu

Pages

Pages

Friday, September 18, 2015

ධනුෂ්කොඩියෙන් තලෙයිමන්නාරමට පාලමක්

brigeදකුණු ඉන්දියාවේ ධනුෂ්කොඩි හා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සම්බන්ධ කරමින් පාලමක් ඉදිකිරීමට ඉන්දීය මධ්‍යම රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව ඉන්දීය තානාපති වාර්තා සඳහන් කරයි. මේ පිළිබඳ ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්, මේ පාලම හරහා දෙරටටම වාසි හා ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇති බවත් ඉන්දියාවේ ශුද්‍ර, සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කල්රාජ් මිස්රා මහතා ඉන්දීය මාධ්‍ය වෙත ඊයේ (15) ප්‍රකාශ කර ඇත.

මෙය තවමත් ප්‍රතිපත්තිමය තීරණයක් වශයෙන් පවතින නමුත්, එය කඩිනමින් ක්‍රියාවට නැංවීමට බලා‍පොරොත්තු වන බවද ඉන්දීය අමත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

පැතුම් වික්‍රමරත්න
ලක්බිම

1 comment:

  1. කරනවානම් ඉතාම හොඳ වැඩක්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!