Pages

Sunday, November 22, 2015

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස්‌ කිරීමට පෙර හිතන්න!

පසුගිය බ්‍රහස්‌පතින්දා (19 දා) රාවණා බලය සංවිධානයේ භික්‍ෂූන් වහන්සේ පිරිසක්‌ ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක්‌ බාරදී තිබිණි. ඒ, බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස්‌ නොකර ඔවුනට එරෙහිව නඩු පවරන්නැයි කියමිනි.

රාවණා බලයේ භික්‍ෂූන් වහන්සේ පිරිස මේ සංදේශය භාරදීමට පෙර සිටම මේ පිළිබඳව විවිධ කතාබහ සමාජයේ මතුව තිබිණි. මේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිළිබඳව එවැනි අර්බුදයක්‌ පැන නැගෙන්නේ ඔවුන් නිදහස්‌ කිරීමට ගත් තීරණයත් සමඟය.

එහෙත් එය එතරම්ම ප්‍රායෝගික නොවන තීරණයක්‌ බව බොහෝ විද්වතුන්, දේශපාලනඥයන් විවිධ අවස්‌ථාවල ප්‍රකාශ කර තිබිණි. එම සැකකරුවන් නිදහස්‌ කිරීම අරබයා පැන නැගෙන ගැටලු සහගත තත්ත්වයක්‌ පැන නැගෙන්නට හේතුව වූයේද ඔවුන් "එල්.ටී.ටී.ඊ. සැකකරුවන්" වීමම විනා අන් කවරක්‌වත් නොවේ. එල්.ටී.ටී.ඊ. සැකකරුවකු යනු අදත් ශ්‍රී ලාංකීය ජන සමාජයේ යම් භීතිය දනවන පසුබිමක්‌ ඇති කරවන ත්‍රස්‌ත කල්ලියක සාමාජිකයකු වේ. ඔවුන් අත්අඩංගුවට ගන්නේද ත්‍රස්‌ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවකු ලෙසිනි. එවිට එවැනි සැකකරුවකු නිකම්ම නිදහස්‌ කිරීමට තීරණයක්‌ ගත් විට සමාජය තුළ නැවතත් කැළඹීමක්‌ ඇතිවීම සාධාරණය. මේ සැකකරුවන් නිදහස්‌ කිරීමට ගන්නා උත්සාහයට එකඟ නොවන්නන් ජාතිවාදීන් යෑයි හංවඩු ගැසීම සාධාරණ නොවන්නේ එබැවිනි. රාවණා බලයේ භික්‍ෂූන් වහන්සේද අවධාරණය කර වදාරන්නේ එම කාරණයයි. 

එම එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස්‌ කර යෑවීමට තරම් සාධාරණ හේතුවක්‌ හෝ රටට ප්‍රකාශ කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමය. නොඑසේ නම් ඔවුන් නිවැරැදිකරුවන් නම් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කවර හේතුවක්‌ නිසාද යන්නත් රටට පැහැදිලි කළ යුතුය. ඒ වරද නිවරද කවරක්‌ද යන්න දැනගැනීම පිණිසය. ජාතික ඒකාග්‍රතාව, සංහිඳියාව උදෙසා වැනි බර කතාවලින් එය සාධාරණීකරණය කිරීම එතරම් හොඳ දෙයක්‌ නොවේ. සංහිඳියාව ඇති කිරීමට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස්‌ කරනවා වෙනුවට ගත හැකි ඕනෑතරම් පියවර තිබේ. ඒ එකදු පියවරක්‌ හෝ අනුගමනය නොකර හිටිහැටියේ මෙවැනි ක්‍රියාමාර්ගවලට යැම රට නැවතත් අනතුරේ හෙළීමකි.

ප්‍රංශය වරද්දාගත් ආකාරය ගැන දිගින් දිගටම මතක්‌ කර දීමට අවශ්‍ය නැත. ප්‍රංශයේ පමණක්‌ නොව යුරෝපාකරයේ බොහෝ රටවල්වල සමහර නගර, වීථි ලොව පුරා වෙසෙන කුරිරුතම ත්‍රස්‌තවාදීන්ගේ ගුබ්බෑයම්, කඳවුරු බවට පත්ව තිබේ. දෙවියන්ගේ නියමය පරිදි මිනීමරන, රටකින් බාගයක්‌ ඉල්ලමින් බෝම්බ පුපුරවා ගන්නා ත්‍රස්‌තවාදීන් ඒ රටවල හැඳින්වෙන්නේ සටන්කාමීන්, විමුක්‌තිකාමීන් ලෙසය. දැන් එම රටවලම බෝම්බ පුපුරවා ගනිමින් මිනිස්‌ ඝාතන සිදුකරන ම්ලේච්ඡයන් අත්අඩංගුවට ගන්නා විට, අපේ රටේ කිසිදු විමර්ශනයකින් තොරව සැකකරුවන් නිදහස්‌ කිරීම තරම් තවත් අමනෝඥ ක්‍රියාවක්‌ වේද යන්න වැඩි සැලකිල්ලට ගත යුතුය.

විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මේ සැකකරුවන් යෑයි කියන එල්.ටී.ටී.ඊ. කාඩරයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධික ලෙස මත්පැන් පානය කර කෝලහල කිරීමේ වරදට නොවේ. අනාචාරයේ හැසිරීමේ වරදටද නොවේ. වාහනයක්‌ පදවමින් සිටියදී කිසිවකු අනතුරට පත්වූ නිසාද නොවේ. ත්‍රස්‌තවාදය සම්බන්ධයෙනි. ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, බස්‌ බෝම්බ, බිම් බෝම්බ තබා මිනිස්‌ ඝාතන සිදුකිරීම, උතුර නැගෙනහිර ගම්වැසියන්, ළදරුවන් ඝාතනය කිරීම, නාවික යාත්‍රා පිපිරවීම වැනි බරපතළ හා බිහිසුණු අපරාධවලට සම්බන්ධ වූවන් ඒ අතර වේ. නිදහස්‌ කිරීමට පෙර මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට යෑයි සමාජයෙන් දැඩි බලපෑමක්‌ ඒම සාධාරණ නොවේදැයි මඳක්‌ සිතා බලන්න යෑයි අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.

කිරි දරුවන් දූෂණය කර, අමු අමුවේ ඝාතනය කළ, පවුල් පිටින් සමූහ ලෙස ඝාතනය කළ සැකකරුවන් සම්බන්ධයෙන්ද සමාජයේ පවතින්නේ එවැනිම මතයක්‌ බව සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට වැටහේ. එය ජාතිය හෝ ආගම පිළිබඳව ප්‍රශ්නයක්‌ නොවේ. 

වසර ගණනාවක්‌ බන්ධනාගාර ගතව සිටීම නිදහස්‌ කිරීමට තරම් සාධාරණ හේතුවක්‌ ලෙස සැලකිය නොහැක. ජාත්‍යන්තරය මෙන්ම ජාතික වශයෙන්ද සමහර ඊනියා සංවිධාන මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තර්කය වන්නේද එයමය. එහෙත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රටේ පවතින යම් නීතියකට අනුව බව අමතක කළ යුතු නැත. ඒ කිසිවෙකු හෝ නිදහස්‌ වන්නේ නම් එය සිදුවිය යුත්තේද නීති ප්‍රකාරවය. එවැනි වැඩපිළිවෙලකට යැම රටේ ආරක්‍ෂාවට හොඳ බව නැවතත් කිවයුතුය. ආණ්‌ඩුව කළ යුත්තේ කල් නොඇර එවැනි වැඩපිළිවෙළකට යැම මිස "නිදහස්‌ කිරීමට" ඉක්‌මන් වීම නොවේ. 

http://www.divaina.com/2015/11/21/editor.html

Pic1 Source
Pic2 Source

4 comments:

Anonymous said...

සිරිසේන, මාව ජානාදිපති කලේ මුන් නේ කියල හිතල තමයි කොටි නිදහස් කරල තියෙන්නෙ

Unknown said...

අපි හිතන්නේ මොනවාද ? මේ සයිට් එකේ බල්ලෝ නේ ජන 8 ට කලින් සිරිසේනට කඩේ ගියේ ... දැන් ගු කාපු රිලව් වගේ හිටපල්ලා

දෙනෙත් හරින්න ! said...

එකෙකුටවත් කඩේ යන්නැතුව හරි දේට හරි කියපල්ලා, වැරදි දේට වැරදියි කියපල්ලා, සත්‍ය වෙනුවෙන් හඬ නගපල්ලා. මොකා වැරදි කලත් වැරැද්ද වැරැද්ද විදියට දැකපල්ලා.

දෙනෙත් හරින්න ! said...

ආයුබෝවන්! කාටවත් රිදවීමට නොව, රිදෙන අය වෙනුවෙන් ඇත්ත කීමට... රට, දැය, සමය වෙනුවෙන්, බැඳෙන්න අප සමඟ! - දෙනෙත් හරින්න ! -