http://lankacnews.com/sinhala/foreign-news/77108/
ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සටන්කාමීන් විසින් හිස් සිඳ ඝාතනය කරන ලද සාමාන්‍ය වැසියන් 17 දෙනෙකුගේ සිරුරු ඊයේ දිනයේදී සොයාගත් බව එරට බලධාරීන් සඳහන් කරයි.
කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමින් 15 දෙනෙකුගේ සිරුරු එරට හෙල්මන්ඞ් පළාතේ මුසාක්වාලා දිස්ත‍්‍රික්කයේ මාර්ගයක් ආසන්නයේ තිබියදී හමුවී ඇත. සිරුවල වෙඩා තැබීමේ සහ දරුණු තුවාල සළකුණුද ඇතැයි සඳහන්ය.
එම පිරිමින් එකතුව කාන්තාවන් දෙදෙනා විසින් ඉදිරිපත් කරන ලද නර්තනයන් නරඹමින් සිටි අවස්ථාවේදී ඔවුන් වෙත මෙම ප‍්‍රහාරය එල්ල වී ඇතැයි පළාත් බලධාරීන් පවසයි.
___________________________________________________________________
තාලිබාන් ත්‍රස්‌තවාදීහු ගී ගයා නැටූ සිවිල් වැසියන් 17 ක් හිස්‌ගසා ඝාතනය කරති
http://www.divaina.com/2012/08/29/forign03.html
ඇµaගනිස්‌තානයේ මුසාකුලා ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකදී ගීත ගයමින් නැටූ බව කියන දාහත්දෙනකු තාලිබාන් ත්‍රස්‌තයන් විසින් හිස්‌ගසා මරාදමා ඇත.
මෙලෙස ඝාතනය කරනු ලැබුවන්ගෙන් දෙදෙනකු කාන්තාවන් වේ.
මේ සම්බන්ධයෙන් ඇµaගන් ජනාධිපති හමීඩ් කර්සායි පැවසුවේ එකී ඝාතන ෂහරියා නීතිය නොවන බවයි.
සිවිල් වැසියන් ඝාතනයට සම්බන්ධ මේ මුසාතුලා ප්‍රදේශය තාලිබාන් පාලනයට අයත් වේ.
මෙම මිනිස් ඝාතනය තාලිබාන් සංවිධානයේ ක්‍රියාකාරීන් ම්ලේච්ඡයන් ලෙස සනාථ කරන බව මානව හිමිකම් සංවිධාන පැවසූහ.
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!