Pages - Menu

Pages

Pages

Tuesday, October 2, 2012

සභ්‍යත්වයේ හා සාමයේ ආගමේ නාමයෙන්... ඉස්ලාම් අන්තවාදීන් කැතිවලින් පහර දී නවකතාකරු මරා දමලා

බංග්ලාදේශයේ විශාලම පොත් ප්‍රදර්ශනය පැවති ස්ථානය අසලදී කැතිවලින් පහරදී ලේඛකයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉස්ලාමීය සටන්කාමින් 5 දෙනකු ට අධිකරණය හමුවේ මිනී මැරීමේ චෝදනා එල්ල වී ඇත.

හුමායුන් අසාද් නම් මේ ලේඛකයා කවියකු, නවකතාකරුවකු හා සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයකු වන අතර 2003 දී ඔහුවිසින් රචිත ‘පාක් සා ජාමින් සාද් බාද්’ නම් උපහාසාත්මක නව කතාවෙන් මුස්ලිම් මූලධර්ම වාදී කණ්ඩායම් දැඩි විවේචනයට ලක්කර තිබිමෙන් ඉස්ලාම් සටන් කාමිහු කුපිතව සිටියහ.
පොලිසිය මේ අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් පසු ‘ජමායෙතුල් මුජයිදීන් බංග්ලාදේශ්’ නම් තහනම් සංවිධානයේ පස් දෙනකුට එරෙහිව ධකා නාගරික අධිකරණයේ මිනිමැරීමේ චෝදනා යටතේ නඩු පැවරී ඇත.

මූලාශ්‍රය -  http://lankacnews.com/sinhala/foreign-news/82943/

1 comment:

  1. kalabalawenna epa suwar ekatama harakek wage penna athi ekay.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!