තාලිබාන් ත්‍රස්‌තවාදීහු පාකිස්‌තාන් මාධ්‍යවේදීන්ට තර්ජනය කරති
පාකිස්‌තානයේ ලාහෝර් - කරච්චි - රාවල්පින්ඩි යන ඉස්‌ලාමාබාද් යන නගරවල ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරන්නැයි තෙහෙරෙක් තාලිබාන් සංවිධානයයේ නායක හකිමුල්ලා මෙෂූද් විසින් නියෝග කර ඇත.
මෙම නියෝගය ඇතුළත් රහස් පණිවුඩය පකිස්‌ථාන් බුද්ධි සේවා විසින් අසුකරගත් බව වාර්තා වේ.
තාලිබාන් නායකත්වය විසින් මලාලා යුසුµaසායි නැමැති දැරියව ඝාතනය කිරීමට උත්සාහ කිරීම ගැන පකිස්‌ථාන් මාධ්‍ය විසින් විවේචනය කර තිබුණි.
තාලිබාන් ත්‍රස්‌තයන්ගේ මේ තර්ජනය ගැන පකිස්‌ථාන පුවත්පත් සමාජය විසින් මාධ්‍යවේදීන්ට අනතුරු අඟවා ඇත.
මූලාශ්‍රය - http://www.divaina.com/2012/10/24/forign05.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!