Pages - Menu

Pages

Pages

Monday, March 4, 2013

මන්නාරම රදගුරු සහ මන්ත්‍රී ජයලත් කොටි රැඳවියන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡාවක

මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් සහ ගම්පහ දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජයලත් ජයවර්ධන මහතා පසුගිය සිකුරාදා (01 වැනිදා) මැගසින් සහ වැලිකඩ කාන්තා අංශයේ රඳවා සිටින එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දරුණු ගණයේ රැඳවියන් කිහිප දෙනකු හමුවී ඇත.

මෙහිදී රදගුරුවරයා සහ එම එල්. ටී. ටී. ඊ. සැකකරුවන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා පැවැති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මන්ත්‍රීවරයා සහ රදගුරුවරයා මැගසින් බන්ධනාගාරයට සහ වැලිකඩ කාන්තා අංශයට පැමිණ හමුවූ කොටි සාමාජිකයන් අතර නගර සභා පිටියේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියට බෝම්බ ප්‍රහාරය එල්ල කළ කළු කොටි සාමාජිකාව එම ස්‌ථානයට රැගෙන ආ "රඝූපති ෂර්මා වසන්ති" සහ ඇගේ සැමියා වන "ෂර්මා" නමැත්තා, දෙහිවලදී දුම්රිය තුළ බෝම්බ පිපිරීම සැලසුම් කළ "කිලිමගර්", ඩග්ලස්‌ දේවානන්ද ඇමැතිවරයාට බෝම්බ ප්‍රහාරය එල්ල කළ කළු කොටි සාමාජිකාව රැගෙන ආ "සත්‍යශීලා" සහ කළුතර බන්ධනාගාර ය තුළදී ඩග්ලස්‌ දේවානන්දා ඇමැතිවරයාට ගලකින් හිසට පහරදුන් "රොබට්‌ මැක්‌ස්‌සලම්" යන අය වෙති.

බන්ධනාගාරය තුළදී රදගුරුවරයා සහ කොටි සාමාජිකයන් අතර ද්‍රවිඩ භාෂාවෙන් කළ කතාබහ පිළිබඳව තොරතුරු දැනගැනීමට ද්‍රවිඩ භාෂාව දන්නා නිලධාරියකු ඒ අසල තැබීමට හෝ බන්ධනාගාර උසස්‌ නිලධාරීන්ට අවබෝධයක්‌ නොතිබූ බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මන්නාරම රදගුරු සහ මන්ත්‍රී ජයලත් කොටි රැඳවියන් හමු වෙති
චමින්ද සිල්වා - සමන් ගමගේ
http://www.divaina.com/2013/03/04/news06.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!