Pages - Menu

Pages

Pages

Thursday, April 11, 2013

මාමස්‌වීගේ ප්‍රධානම ගෝලයා, පාතාල අස්‌වර් අත්අඩංගුවට

මාළිගාවත්ත පාතාලයේ ප්‍රබල පෙළේ සාමාජිකයකු බව කියන අස්‌වර් නමැත්තා මාළිගාවත්ත පොලිසිය මගින් පෙරේදා (09 වැනිදා) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

මිනීමැරුම්, කප්පම් ලබාගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවක්‌ සම්බන්ධයෙන් මොහු පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකි.

මාළිගාවත්ත පාතාල කල්ලියේ ප්‍රධානියා බව කියන මාමස්‌වී නමැත්තාගේ ප්‍රධානම ගෝලයා වන අස්‌වර් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළිගාවත්ත මහල් නිවාසයක සැඟවී සිටියදීය. 

බස්‌නාහිර පළාත් බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පරීක්‍ෂණ පැවැත්වූ මාළිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති රොහාන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්‌ විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙම සැකකරුට ඇති බිය නිසා ඔහුට එරෙහිව පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට කිසිවකු නොපැමිණෙන බව පොලිසිය පවසයි.

සැකකරුගෙන් මාළිගාවත්ත පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි. 

බස්‌නාහිර පළාත් බුද්ධි ඒකකයේ අධ්‍යක්‌ෂ ආර්¾ සේනානායක මහතාගේ උපදෙස්‌ මත මාළිගාවත්ත පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/04/11/news21.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!