Pages - Menu

Pages

Pages

Tuesday, May 21, 2013

දැන් සිංහලයන් ඉන්නේ 62%යි. තව අවුරුදු 10 කික් 40%ක් වෙයි. - දයාරතන හිමි

‘කොටි ත‍්‍රස්ත්වාදයෙන් බේරාගත් අපේ රටේ නිදහස අහිමි වුන එකම ජාතියත් සිංහල ජාතියයි. ඒ වෙනුවෙන් හඬක් නගන්න තමයි අපි සිංහල රාවය සංවිධානය පිහිටවූයේ’ යයි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ දෙහිවල මංසන්ධියේ පැවැති සිංහල රාවය තුන්වන වාර්ෂික සමුළුවට එක්වෙමිනි.

‘සිංහල රාවය කියන්නේ බෞද්ධයන් වෙනුවෙන් හඬ නගන සංවිධානයක්. ’සිංහල බෞද්ධයා’ කියන්නේ පීඩාවට පත් ජනතාවක්,

මේ වෙන කොට සිංහලයන් ඉන්නේ 62‍% ක් පමණයි. තවත් අවුරුදු 10 ක් යනකොට ඔය 62‍ත් 40 ක්වෙයි. අපි මේ රටේ සුළු ජාතියක් බවට පත්වෙයි. ඒක නිසා රට බේරා ගන්න වැඩ කරමු.’’ යයිද උන්වහන්සේ අදහස් දැක්වූහ.

May 20, 2013 at 4:09 pm | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!