පක්‌ෂ ලියාපදිංචි කිරීමේ අර්බුදයක් හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය මේ වනවිට දෙකඩ වි ඇති අතර යළිත් එම පක්‌ෂය තුළ එකමුතුභාවය ගොඩනැගීම පිණිස මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ ඉදිරිපත් වී සිටිති.
ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ වැඩි සාමාජික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ගොඩනගන ලද දෙමළ ජාතික සන්ධානයට ඉලංකෙයි තමින් අරසුකච්චි පක්‌ෂය, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී.ආර්.එල්.එµa. සංවිධානය හා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ඇතුළත් වෙයි.
දෙමළ ජාතික සන්ධානය තුළ සිටින ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්‌ෂයේ සාමාජිකයන්ට දේශපාලනයේදී වැඩිවාසි ලැබීමත් එම පක්‌ෂය තුළ සිටින ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා යන මන්ත්‍රීවරු ඔවුන්ට අභිමත පරිදි තීරණ ගැනීමත් නිසා ඊට විරෝධය පළ කරන සෙසු මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්‌ෂයක් පිහිටුවා සියලු දෙනාම එම පක්‌ෂය වටා එක්‌රොක් විය යුතු බවයි.
නමුත් මෙම යෝජනාවට ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා හා මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විරුද්ධ වීම නිසා මේ වනවිට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු දෙපිලකට බෙදී සිටිති.
දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/05/05/news09.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!