Pages - Menu

Pages

Pages

Wednesday, May 8, 2013

නැගෙනහිර බොදු උරුමය රැකුමට උරදුන් අම්පාර පොලිස් පුරාවිද්‍යා ඒකකය විසුරුවා හැරලා

නැගෙනහිර බෞද්ධ උරුමය රැකගැනීම උදෙසා මහත් මෙහෙවරක් කරමින් සිටි අම්පාර පොලිස් පුරාවිද්‍යා ඒකකය හදිසියේම විසුරුවා හැර තිබේ. එයට අනුයුක්තව රාජකාරී කළ ස්ථානාධිපති උ.පො.ප. උපුල් ශාන්ත ඇතුලු නිලධාරීන්ට ස්වේච්ඡාවෙන් ස්ථානමාරු ලබාගන්නා ලෙස දැනුම් දී තිබේ. 
ඒකකය මැදිහත් වීමෙන් නීතිය ක්‍රියත්මක වූ තවත් එක් ඩෝසර් කළ උරුමයක් - මොට්ටාගල වෙහෙර
ආසන්නම හේතුව ලෙස වර්ථාවන්නේ, ව්‍යාපාරිකයන් පිරිසක් විසින්, හෙන්නානිගල පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක සිදුකළ මහා පරිමාණ කැනීම් වැලැක්වීමට එම ඒකකය ක්‍රියාකිරීම බවයි. එහි නිධන් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එම ඒකකය නැගෙනහිර බොදු උරුමය සුරැකීම වෙනුවෙන් අපමණ සේවාවක් කළ බවත්, ඒකකය විසුරුවා හැරීම පුරාවිද්‍යා ස්ථාන රැකගැනීමට දරණ ප්‍රයත්නයට විශාල පාඩුවක් බවත් නැගෙනහිර සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන් මහතා ප්‍රකාශ කලේය.

1 comment:

  1. බොදු බල සේනාවට , රාවණා බලයට, සිංහල රාවයට , සහ ඒවාට අාවඩන්නන්ට මේවා පේන්නේ නැතිද? දැයට කිරුල ප්‍රදර්ශන ඉදිකිරීම් හරහා බොහෝ විට සිදුවන්නේ තොරා ගත් ස්ථාන වල අැති නිධන් වස්තු හාරා ඉවත්කර ගැනීමයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!