Pages - Menu

Pages

Pages

Monday, May 13, 2013

අසාද් සාලිගේ ත්‍රස්ත වැඩ ගැන තවදුරටත් සී.අයි.ඩී. ඇස

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශේෂ නියෝගයක්‌ මත කොළඹ නගර සභාවේ හිටපු නියෝජ්‍ය පුරපති අසාද් සාලි මහතා නිදහස්‌ කරනු ලැබුවත් ඔහුගේ ක්‍රියාපිළිවෙත් පිළිබඳව රහස්‌ පොලිසියත් පොලිස්‌ බුද්ධි අංශයත් තව දුරටත් දැඩි සෙවිල්ලේ පසුවෙන බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

අවි සන්නද්ධ වන බවට ඉඟියක්‌ චෙන්නාහිදී මාධ්‍යයට ප්‍රකාශ කළේ යෑයි අසාද් සාලි මහතා ඉකුත් 2 වැනිදා රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාස තුනක්‌ රඳවා තැබීමට නියෝග කර තිබියදී ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ඔහු ඉකුත් 10 වැනිදා නිදහස්‌ කරනු ලැබිණි.

තමා මෙවැනි ප්‍රකාශයක්‌ නොකළ බව අසාද් සාලි මහතා දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු මෙසේ නිදහස්‌ කෙරිණි.

අසාද් සාලි මහතා රහස්‌ පොලිසිය භාරයේ සිටියදී ඔහුට කිසිදු හිංසාවක්‌ නොකළ බවද රහස්‌ පොලිසිය කියයි.

අසාද් සාලිගේ වැඩ ගැන තවදුරටත් සී.අයි.ඩී. ඇස
නෝමන් පළිහවඩන
http://www.divaina.com/2013/05/13/news09.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!