Pages - Menu

Pages

Pages

Tuesday, June 25, 2013

ලන්ඩන් ක්‍රිකට්‌ පිටියට පැන්න ඊළාම්වාදීහු 6ක්‌ අත්අඩංගුවට

ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තරගය පැවැති කාඩිµa පිටියට නීති විරෝධීව ඇතුළුවීම සහ වාහනයකට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊළාම්වාදීන් හය දෙනකු ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඊළාම්වාදීන්ට පොලිස්‌ ඇප නියමවී ඇති අතර ජුලි 7 දා කාඩිප් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

ඊළාම්වාදීන් විසින් කළ පහරදීම්වලින් ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ ලෝලීන් 15 දෙනකු තුවාල ලබා ඇත.

ලන්ඩන් කොටි ජාලයට සම්බන්ධ මෙම ඊළාම්වාදීන් ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ ලෝලීන්ට පහරදීමට තැත් කරන බව ලන්ඩනයේ ශ්‍රී ලංකා සංසදය විසින් ලන්ඩන් පොලිසියට සය වතාවක්‌ දන්වා ඇතැත් කිසිදු පියවරක්‌ ගෙන නොතිබූ බව එම සංසදයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

කොටි හිතවාදීන්ට කාඩිµa පිටියට ඇතුළුවීමට ඉඩලැබීම සම්බන්ධව ශ්‍රී ලංකා රජය විසින් බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැඩි විරෝධය දක්‌වා ඇත.

මේ අතර ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයන්ට කොටි හිතවාදීයකුගෙන් තර්ජනය එල්ලවී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/06/25/news11.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!