Pages - Menu

Pages

Pages

Tuesday, June 18, 2013

ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ නොදිය යුතුයි - රවිනාත් ආරියසිංහ

ජාත්‍යන්තර වශයෙන් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවධානය යොමු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා තනාපති රවිනාත් ආරියසිංහ මහතා පවසයි. 

මේ වන විටත් ත්‍රස්තවාදී ජාලයේ පැවැත්ම සංකේත වශයෙන් අඩාල වි ඇති බව ජිනීවා හී පැවති ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සමුළුවේදී හෙතෙම අවධාරණය කරන ලදී. 

ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තරයේ ඇතැම් සංවිධාන වලින් කොටි ත්‍රස්තවාදය සඳහා උල්පන්දම් දීම් වැනි කටයුතු හේතුවෙන් තව තවත් ත්‍රස්තවාදය උත්සන්න වන බවද ඔහු එහිදී පැවසුවේය. 

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම වන එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකා රජය පරාජය කර ඇති බව රවිනාත් ආරියසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

http://sinhala.adaderana.lk/news.php?nid=35002

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!