Pages - Menu

Pages

Pages

Sunday, June 16, 2013

උතුරේ මැතිවරණයට මුස්‌ලිම් කොංග්‍රසය තනියම

එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තනිව තරග කරන බව එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක්‌ "දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවසීය.

තම පක්‍ෂය ආණ්‌ඩු පක්‍ෂයෙන් වෙන්ව තනිව මැතිවරණයට තරග කළ යුතු බව උතුරේ හා නැගෙනහිර පහළ පෙළේ නායකයන් දැඩිව පක්‍ෂයට අවධාරණය කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

නැගෙනහිර මෙන්ම උතුරු පළාතේ තම ශක්‌තිය රටට පෙන්විය යුතු බවත් විශේෂයෙන්ම ආණ්‌ඩුවේ සිටින උතුරු නැගෙනහිර නියෝජනය කරන සමහර මුස්‌ලිම් මැති ඇමැතිවරුන්ට ඔවුන්ගේ ජනතා බලය පෙන්වීමට අවස්‌ථාවක්‌ දිය යුතු බව ද හෙතෙම කීය.

කෙසේ වුවත් පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව පක්‍ෂයේ උත්තරීතර මණ්‌ඩලය රැස්‌ වී අවසන් තීරණයකට එළැඹෙන බව ද එම ප්‍රකාශකයා කියා සිටියේය.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/06/16/news05.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!