Pages - Menu

Pages

Pages

Thursday, June 6, 2013

නියඳවන රජමහා විහාරය අභාවයට

මහව නගරයේ සිට හෝ ඉබ්බාගමුව නගරය හරහා ගල්ටැම්වැව දක්‌වා පැමිණ එතැන් සිට කිලෝමීටර් 10 ක්‌ පමණ අතුරු මාර්ගයකින් ගමන් කළ විට නියඳවන පුරාණ රජ මහා විහාරය හමුවේ.

අවුරුදු දහස්‌ ගණනක්‌ පැරණි අෂ්ටඵල බෝධීන්වහන්සේ නමක්‌ද, වලගම්බා රජ සමයේ කරවන ලද ගල්ලෙන් තුළ බුදු මැදුරු තුනක්‌ හා පැරණි විෂ්ණු දේවාලයක්‌ද මෙම විහාරස්‌ථානයේ දැකිය හැකිය.

ගල්තලාවක්‌ මත ඇති මෙම විහාරස්‌ථානය ඉතා මනරම් පරිසරයක පිහිටා ඇත. මෙම සිද්ධස්‌ථානය පිළිබඳව වැඩි ප්‍රසිද්ධියක්‌ නැතිකමින් හා නොදන්නාකමින් අද වන විට වන්දනාකරුවන්ගේ පැමිණීමක්‌ ද නැත.

බුදුමැදුරුවල වහලවල් තැනින්තැන කැඩී ගොස්‌ ඇත. බිතුසිතුවම්ද මැකීයමින් පවතී. 

වාසනාවකට මෙන් මේ දිනවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන් පැමිණ සංරක්‍ෂණය කිරීම ආරම්භ කර ඇත.

පිංතූරය හා සටහන සේපාල ලියනගේ
http://www.divaina.com/2013/06/06/provin02.html 

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!