Pages - Menu

Pages

Pages

Tuesday, July 23, 2013

ගව ඝාතනය වළකන්න අක්කර 1000ක ගොවිපොළක් ආරක්ෂක අමාත්‍යංශයෙන්

මුදල් ගෙවා නිදහස් කෙරන ගවයන් මුදා හැරීම සඳහා සේරුවිල සෝමාවතිය මාර්ගයේ අක්කර 1000 ක ගොවිපලක් නුදුරු දිනයකදී හිමිවන බව සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ පැවසූහ. ආරක්ෂක අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හිමිවන ඉඩමට නිදහස් කෙරෙන ගවයන් ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය පහසුකම් හා ලොරි රථ පහසුකම් ලබා දිමටත් අමාත්‍යංශය එකඟ වී ඇත. 

එම නිසා විකිණීමට හෝ මස් පිණිස ගෙන යන ගවයින් මුදා ගැනිමට අදහස් කරන බැතිමතුන් සිටී නම් සිංහල රාවය සංවිධානයට ඒ බව දැනුම් දෙන ලෙසද හිමියෝ කීහ. 

මරණයට කැප වී ගව ඝාතකාගාරවවල සිටින ගවයින් මුදා ගැනීමෙන් ගව ඝාතනය සම්පූර්ණයෙන් වැළැක්විය නොහැකි නිසා එම අසාර්ථක ක්‍රමවේදය වෙනුවට මෙවැනි ක්‍රමානුකූල ව්‍යාපෘතියකට ගවයින් භාර දීම වඩා සුදුසු වන බවද හිමියෝ කීහ. 

සිංහල රාවය සංවිධානය පසුගිය කාලයේ තකරගම කිරි වෙහෙරේ සිට කොළඹ ජනාධිපති මන්දිරය දක්වා ගව ඝාතනයට විරෝධය දක්වමින් පා ගමනක් පැවැත් වූ අතර අවසානයේ ගව ඝාතනය වළක්වන ලෙසත් ඒ වෙනුවට මුදා හැරෙන ගවයන් රැකියා උපදවන ව්‍යාපෘතියකට යොමු කරන ආකාරයත් සඳහන් සන්දේශයක් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

රන්මලී සෝමසිරි - 2013 ජූලි 20  01:25 p.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=14260:-1000-&catid=34:news&Itemid=62

4 comments:

  1. වචන වලට පමනක් සීමානොවී ක්‍රියාවට නගනවා නම් අගෙයි

    ReplyDelete
  2. මෙම ක්‍රමය හොඳයි.එවුණාට මේ නිදහස් කරන ගවයින් ගැන පසු විපරමක් කරනවානම් තවත් හොඳයි.

    ReplyDelete
  3. මෙ යෝජනාවට මම ගොඩක් කැමතියි. හැම කෙනෙකුම මෙ යෝජනාව සාර්ථක කරගැනීමට උදව් කරනවනම් ගොඩක් හොඳයි.

    ReplyDelete
  4. ගවයන් නිදහස් කළත් නැවතත් ගවයන් මස් කඩයට යා
    හැකිය.මෙසෙකිරිමෙන් ඒය වළක්වා ගත හැකිය.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!