Pages - Menu

Pages

Pages

Friday, July 12, 2013

බුද්ධගයා ප්‍රහාරයට 12 දෙනෙක්‌ හවුල් - ඉන්දීය විමර්ශන ඒජන්සිය

බුද්ධගයාවේ බෝaම්බ පිපිරීමට පුද්ගලයන් 12 දෙනකු සම්බන්ධ බව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සොයාගෙන ඇත.

මෙතෙක්‌ පරික්‍ෂණ පැවැත්වූ බිහාර් පොලිසියෙන් එකී පරීක්‍ෂණ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය බාරගෙන තිබේ.

ඉන්දීය මුජහිඩීන් ක්‍රියාකාරීන් යෑයි සැකකරන අමිර්කාන් හෙවත් රිස්‌වාන් සහ මොහමඩ් අක්‌තාර් නමැති දෙදෙනා අල්ලා ගැනීම සඳහා දැරූ උත්සාහයද ව්‍යර්ථ වී ඇත.

මෙම බෝම්බ පිපිරීමේ වගකීම භාරගනිමින් ඉන්දීය මුජහිඩීන් සංවිධානය කළ ප්‍රකාශය නිකුත් වූයේ පකිස්‌ථානයේ නගරයක සිට යෑයි නවදිල්ලි බුද්ධි සේවා බලධාරීන් විසින් සොයාගෙන තිබේ.

බුද්ධගයා බෝම්බ පිපිරීම සම්බන්ධව ඉන්දීය රජය ඇමරිකාව, බංගලාදේශය හා සිංගප්පූරුව යන රටවල බුද්ධි සේවාවන්හි සහාය පතා ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/07/12/news10.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!