Pages - Menu

Pages

Pages

Monday, July 29, 2013

ඉන්දු-ලංකා ගිවිසුමට වසර 26යි. විරෝධතා! ගාලූ පාර හිරවේ!

ඉන්දියාන මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපි පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් කොල්ලූපිටිය ප‍්‍රදේශයේදී ගාලූ පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලීසිය පවසයි. මේ හේතුවෙන් ගාලු මුවදොර වටරවුමේ සිට කොල්ලුපිටිය දක්වා මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දමා ඇත.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර අදට වසර 26ක් පිරීම නිමිත්තෙන් ජාතික සංවිධාන එකමුතුව මගින් සංවිධානය කර ඇති සත‍්‍රග‍්‍රහයක් හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ.

විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් බෙදුම්වාදී බලතල ඉවත් කළ යුතු බවටයි.

July 29, 2013 at 10:29 am | lanka C news

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!