Pages - Menu

Pages

Pages

Thursday, August 1, 2013

ඇමරිකානු ෙඩ්‍රාන් ප්‍රහාරයකින් අල්ඛයිඩා නායකයෝ 6 ක්‌ මරුට

ඇමරිකානු හමුදා විසින් එල්ල කරන ලද ෙඩ්‍රාන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ ප්‍රධානීන් තිදෙනෙකු මියගිය බව යේමන හමුදා ප්‍රකාශකයෙක්‌ කියා සිටියේය.

සානා නම් වූ මෙම ප්‍රදේශය අල්කයිඩා ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධාන මධ්‍යස්‌ථානයකි.

මෙම ප්‍රධානින් තිදෙනා ගමන් කරමින් සිටි රථයකට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

මෙහිදී ලැබුණු තොරතුරුවලට අනුව මෙහි ගමන්ගත් එක්‌ ත්‍රස්‌තවාදි නායකයකු වී ඇත්තේ යේමනයේ අල්ඛයිඩා සංවිධානයේ ප්‍රධානියෙකි.

ඔහු උපතින් සෞදි අරාබියානු ජාතිකයෙකි.

මේ පිළිබඳ අදහස්‌ දක්‌වන ඇමරිකානු රජය පවසන්නේ අල්ඛයිඩා සංවිධානය යේමන ශාඛාව ලෝකයේ සිටින දරුණුතම ත්‍රස්‌තයන්ගෙන් සමන්විත බවයි. පසුගිය සෙනසුරාදා සිදුකළ මෙවැනිම ප්‍රහාරයකින් ත්‍රස්‌තවාදි ප්‍රධානීන් හය දෙනකු මියගොස්‌ තිබිණි.

(යේමනය)
http://www.divaina.com/2013/08/01/forign03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!