Pages - Menu

Pages

Pages

Tuesday, July 2, 2013

මුස්‌ලිම් කොංග්‍රසය යළි දෙදරයි

දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නැවත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව හේතුවෙන් ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය යළි දෙකඩ වීමේ අවදානමකට ලක්‌ව ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

මුස්‌ලිම් කොංග්‍රසයේ ප්‍රබලයකු ඇතුළු කිහිප දෙනකු පක්‍ෂයේ න්‍යායට පිටුපා ආණ්‌ඩුවේ මතයේ සිටින බවට පක්‍ෂ නායකත්වයට තොරතුරු ලැබී ඇතැයි ද වාර්තා වෙයි.

පසුගිය 29 වැනිදා පැවැති පක්‍ෂ උත්තරීතර මණ්‌ඩල රැස්‌වීමේදී මේ පිළිබඳව දැඩි ලෙස කරුණු දක්‌වා ඇති අතර හකීම් මහතා මෙම ප්‍රබල දේශපාලනඥයාට සෘජුව දැඩි අවවාද කර තිබේ.

එමෙන්ම පක්‍ෂයේ මතයට පිටුපා 13 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීමට සහාය වන සියලු දෙනා තරාතිරම නොබලා වහාම පක්‍ෂයෙන් නෙරපා හරින බව ද පක්‍ෂයක්‌ ලෙස එකම තැනක සිට කටයුතු කළ නොහැකි අය ඇත්නම් වහාම ඉවත්ව යා හැකි බව ද ඒ සඳහා දොර විවෘතව ඇති බව ද හකීම් මහතා දැඩිව අවධාරණය කර තිබේ.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/07/02/news03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!