Pages - Menu

Pages

Pages

Friday, July 5, 2013

වැස්‌සේ සින්දු කියමින් නැටූ වරදට පාකිස්‌තාන දැරියන් දෙදෙනාට වෙඩි තබා මරා දමයි

සම්ප්‍රදායික මුස්‌ලිම් ඇඳුමෙන් සැරසී සිනාසෙමින් වැස්‌සේ නැටූ වරදට පකිස්‌තාන දැරියන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.

උතුරු පකිස්‌තානයේ විලාස්‌ නගරයේ විශ්‍රාමික පොලිස්‌ නිලධාරියකුගේ දියණියන් දෙදෙනා මෙලෙස ඝාතනය වී ඇත. නුර් බස්‌රා හා නුර් ශේෂා යන මේ දැරියන් දෙදෙනා පිළිවෙළින් 16 හා 15 හැවිරිදිය. පසුගිය ඉරිදා මොවුන්ගේ නිවසට කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් පිරිසක්‌ මේ දැරියන් දෙදෙනා හා ඔවුනගේ මවට වෙඩි තබා මරා දමා ඇත. පොලිසිය විශ්වාස කරන්නේ මොවුන් වැස්‌සේ නටන දර්ශනය ඇතුළත් වීඩියෝ පටය ජංගම දුරකථන හරහා ප්‍රසිද්ධ වීම මේ ඝාතනයට හේතුවක්‌ වන්නට ඇති බවයි.

මෙම දර්ශන මීට මාස හයකට පෙර වීඩියෝ ගත කර ඇති අතර මේ දැරියන් දෙදෙනා වැස්‌සේ සිනාසෙමින් සිය නිවස වටා දුවමින් නර්තනයේ යෙදී ඇත. මූලික පොලිස්‌ පරීක්‌ෂණ අනුව හෙළිවී ඇත්තේ මෙම පවුලේ ඥාති පුත්‍රයකු වන කුමොර් නමැත්තා මෙම වීඩියෝව තම පවුලට නිග්‍රහයක්‌ ලෙස සලකා මෙම ඝාතනය සඳහා කුමන්ත්‍රණය කර ඇති බවයි. කෙසේ නමුත් පොලිසිය මේ වීඩියෝ දර්ශනයට එහා ගිය ප්‍රශ්නයක්‌ මේ ඝාතනය පිටුපස ඇත්දැයි සොයන බව පකිස්‌තාන ඩොන් පුවත්පත සොයයි.

පකිස්‌තාන සම්ප්‍රදායික මුස්‌ලිම් සමාජයේ පවුලේ ගෞරවය රැකගැනීම වෙනුවෙන් වසරකට කාන්තාවන් 900 ක්‌ පමණ ඝාතනය වන බව එරට මානව හිමිකම් ක්‍රියාධරයෝද පවසති. මීට පෙර මංගලෝත්සවයක ගීත කියූ වරදට කාන්තාවන් සිව්දෙනකු පිරිමි දෙදෙනකු මරා දැමුණේද උතුරු පකිස්‌තානයේදීය.

http://www.divaina.com/2013/07/05/forign07.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!