Pages - Menu

Pages

Pages

Saturday, July 6, 2013

අග්බෝපුර පුරාවස්‌තු භූමියකට ගිනි තියලා

ගිරිතලේ වැවට ආසන්නයේ අග්බෝපුර ප්‍රදේශයේ පිහිටි අනුරාධපුර මුල් යුගයට අයත් යෑයි සැලකෙන විහාර ආරාම සංකීර්ණයක ස්‌මාරක සහිත පුරාවිද්‍යා බිමකට කිසියම් පිරිසක්‌ විසින් ගිනි තබා හානි සිදු කොට ඇත.

මහසෙන් මහ රජතුමා විසින් කරවන්නට ඇතැයි සැලකෙන පංචාවාස විහාර සංකීර්ණයක ස්‌මාරක සහිත භූමියක්‌ වන මෙම අගනා පුරාවිද්‍යා බිම පිහිටා ඇත්තේ අග්බෝපුර රාජමහා විහාරයට  යාබදවයි.

මෙම ගිනි තැබීම හේතුවෙන් ඉපැරණි දාගැබක අවශේෂ ගල් කණු ආදියට හානි සිදුව ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු කියති.

පුරාවිද්‍යා භූමියට ගිනිතබා එහි ස්‌මාරකවලට හානි සිදු කිරීම පිළිබඳව පොලොන්නරුව කලාප බාර පුරාවිද්‍යා නිලධාරි බණ්‌ඩාර රාජකරුණා මහතා විසින් මින්නේරිය පොලිසියට සහ පුරාවිද්‍යා පොලිසියට පැමිණිලි කොට තිබේ.

කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2013/07/06/news09.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!