Pages - Menu

Pages

Pages

Thursday, August 29, 2013

කිලිනොච්චිය දක්‌වා දුම්රිය ධාවනය ලබන 14 දා ඇරැඹේ!

උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය දක්‌වා දුම්රිය ධාවනය ලබන මස (සැප්තැම්බර්) 14 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

මේ වන විට එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඕමන්තේ දක්‌වා පමණක්‌ සිදු කෙරෙන අතර ලබන 14 වැනිදා කිලිනොච්චිය තෙක්‌ එම ධාවන කටයුතු දීර්ඝ කොට කිලිනොච්චිය ප්‍රධාන දුම්රිය ස්‌ථානයද විවෘත කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසීය.

ඉන්දීය ඉර්කෝන් සමාගම විසින් මෙම ඉදිකිරීම් සිදු කරන අතර මෙම විවෘත කිරීම සඳහා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීන් ද සහභාගි වීමට නියමිතය.

අකිත පෙරේරා
http://www.divaina.com/2013/08/29/news23.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!