Pages - Menu

Pages

Pages

Monday, August 26, 2013

නීති නොතකා මතුගම බිලි පූජාවක්‌..... .විරුද්ධවූ වූ අයට පාලිත මන්ත්‍රීගෙන් තර්ජන

මතුගම යටදොළවත්ත ශාන්ත ජෝන් වතුයායේ තිබෙන කාලි කෝවිලේ පැවත්වීමට නියමිතව තිබූ වාර්ෂික සත්ව බිලි පූජාව නතර කරන ලෙසට මතුගම මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු අබේවික්‍රම වීරසිංහ මහත්මිය තහනම් නියෝගයක්‌ නිකුත් කර තිබියදී එය නොතකා හරිමින් කෝවිලේ පූජකවරුන් ඊයේ (25 දා) එම බිලි පූජාව පවත්වා තිබේ.

සත්ව බිලි පූජාව පැවත්වීමට සූදානම් වීමත් සමග පස්‌යොදුන් රට බොදුබල රැකවරණ සංවිධානයේ ස්‌වාමින් වහන්සේලා සහ ප්‍රදේශවාසී ජනතාව ඊට විරෝධය දක්‌වමින් ඊයේ (25දා) කාලි කෝවිල අභියස විරෝධතාවක්‌ දැක්‌වීමට පියවර ගෙන ඇත.

එම තත්ත්වයත් සමග මතුගම පොලිසිය මැදිහත් වී මතුගම මහෙස්‌ත්‍රාත්වරියට කළ කරුණු දැක්‌වීමකින් පසු ජනතා විරෝධතාව මෙන්ම සත්ව බිලි පූජාවද නතර කරන ලෙසට දැනුම් දෙමින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබිණි.

එසේ තිබියදී කලුතර දිස්‌ත්‍රික්‌කයේ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා බිලි පූජාවට විරෝධය දැක්‌වූ ස්‌වාමින් වහන්සේලා ඇතුළු ප්‍රදේශවාසී ජනතාවට තර්ජනය කරමින් හැසිරෙද්දී පූජකවරුන් බිලි පූජාව පවත්වා ඇත.

පාලිත තෙවරප්පෙරුම මහතා ස්‌වාමින් වහන්සේලාට හා ප්‍රදේශවාසීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවට එක්‌වූ මහා සංඝරත්නය මතුගම පොලිසියට පැමිණිල්ලක්‌ද ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මතුගම පොලිසියෙන් අප කළ විමසීමකදී අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වතුයායේ පූජකවරුන් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට වහා පියවර ගන්නා බව එහි උසස්‌ නිලධාරියෙක්‌ සඳහන් කළේය.

සමන් ගමගේ, කලුතර විජයසිරි විද්‍යාසේකර
http://www.divaina.com/2013/08/26/news02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!