Pages - Menu

Pages

Pages

Thursday, August 22, 2013

ශ්‍රීලන්කන් ගුවන් සේවය දඹදිව වන්දනා සඳහා නව මාර්ගයක්‌ හඳුන්වාදෙයි

සුවහසක්‌ ශ්‍රී ලාංකීය බොදු බැතිමතුන්ගේ දඹදිව වන්දනා ගමන් සඳහා නව ගමන් මාර්ගයක්‌ ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් පසුගියදා හඳුන්වාදෙන ලදී. ගෞරවනීය මහාසංඝරත්නය සහ දඹදිව වන්දනාවේ යන පිරිස්‌ සමඟ කොළඹ දී පැවැත්වූ හමුවේ දී ශ්‍රී ලාංකීය වන්දනාකරුවන්ගේ ආරක්‍ෂාව හා පොදු අවශ්‍යතා වෙනුවෙන් කළ විශේෂ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ජාතික ගුවන් සේවය "බැංගලෝරය" එහි නවතම දඹදිව ගමන් මාර්ගය වශයෙන් නම් කෙරීය.

වාර්ෂිකව දඹදිව වන්දනා සඳහා සහභාගි වන 30,000 ක්‌ පමණ ශ්‍රීලාංකීය බොදු බැතිමතුන්ගේ සුව පහසුව සහ ආරක්‍ෂාව තහවුරු කරන මෙම නවතම ගමන් මාර්ගය මගින් බැංගලෝරය හරහා පරම පූජනීය දඹදිව සිද්ධස්‌ථාන වෙත ඉතා පහසුවෙන් හා අවම වියදමකින් යැමට පහසුකම් සලසා දේ.

ගෞරවනීය මහා සංඝරත්නයට හා දඹදිව වන්දනාවේ යන පිරිස්‌ වෙත මෙම නව ගමනාන්තය හඳුන්වා දීම සඳහා වූ සමුළුවේ දී අදහස්‌ දැක්‌වූ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ විකුණුම් කළමනාකාර ජයරත්න අබේසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ දඹදිව වන්දනාවේ යන සියලුදෙනාටම ඉතා ආරක්‍ෂාකාරී ලෙස සහනදායි මිලකට වන්දනා චාරිකාවේ යැමට මෙමගින් අවස්‌ථාව සැලසෙන බවයි.

මෙම ජාතික කර්තව්‍යය වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම හා දඹදිව චාරිකා සංවිධායකවරුන් කිහිපදෙනෙක්‌ බැංගලෝරයේ ගවේෂණ චාරිකා කිහිපයක නිරත වූ අතර එම සංවිධායකවරුන් සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක්‌ ලෙස බැංගලෝරයේ සිට වරණාසි, නාග්පූර්, සාන්චි, මයිසෝර් සහ හයිද්‍රdබාද් යනාදි චාරිකා සඳහා කරදරයකින් තොරව ගමන් කිරීමේ පහසුව ඇති බවට විශ්වාස කළ හැකි බවටත් ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.

http://www.divaina.com/2013/08/22/velanda01.html

2 comments:

  1. There are no Direct Flights to Gaya from Bangalore
    The Train takes 36 Hours to reach Gaya from Bangalore
    Please post how you get to Gaya from Bangalore!!!

    Donald Gaminitillake
    let us change the standard

    ReplyDelete
  2. There are no Direct Flights to Gaya from Bangalore
    The Train takes 36 Hours to reach Gaya from Bangalore
    Please post how you get to Gaya from Bangalore!!!

    Donald Gaminitillake
    let us change the standard

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!