Pages - Menu

Pages

Pages

Thursday, August 8, 2013

අරාබියේදී හිසේ කෙස් ගලවා, කණ් අඩි පලා ලංකාවට එවයි

තම හිස කෙස් ගලවා කණ් අඩිය පලා දරුණු වධ බන්ධනයන්ට ලක් කර ශ‍්‍රි ලංකාවට එවුවේ යයි මැදපෙරදිග ගෘහ සේවයට ගොස් හිංසාවට ලක්ව මෙරටට පැමිණ  මාතලේ මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන මාතලේ මඩවල දිඹුල්දෙණිය පදිංචි දෙරු මවක් වන වසන්තා මල්ලිකා මහත්මිය පැවසුවාය.

‘මම වැඩකරපු ගෙදර ගෑනු කෙනා තමයි මට කරදර කළේ වෙලාවට කන්න දුන්නේ නැහැ. අපි අහිංසක විදියට ජීවත් වුණේ නැති බැරි කමට රට රස්සාවට ගියා. නමුත් අපිට අන්තිමේ සිද්ධ වුණේ අත පිහදාගෙන ගෙදර එන්න. මගේ මෙහෙන් දාගෙන ගිය රත්තරන් බඩුවත් දුන්නේ නෑ.

මගේ ඔළුවෙ හිසකෙස් ගැලෙවුවා කන් දෙකටම ගහලා කන් ඇහැන් නැතිව හිටියා. කොසුවලින් පවා ගැහුවා. මගේ කණේ සැත්කමක් පවා කළා’ යැයිද ඇය පැවසුවාය.

2012 දී කුවේට් රටෙහි ගෘහ සේවයට ගොස් ඇති ඇයට වසරක් එහි සේවය කළත් කිසිම වැටුපක් ලබාදී නොමැති බවද ඇය පවසා සිටියාය.

August 8, 2013 at 11:03 am | lanka C news
http://lankacnews.com/sinhala/news/98936/

1 comment:

  1. Mona pukakata rata giyadha?? Ape may aasiyawe aashcharyata wela sapata jeewath wenna thibba ne..??

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!