Pages - Menu

Pages

Pages

Thursday, August 15, 2013

උකුවෙල නීතිවිරෝධී ගව ඝාතකාගාරය වටලයි

මාතලේ පොලිස්‌ වසමේ උකුවෙල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක්‌ වැටලූ විශේෂ කාර්ය බළකාය රුපියල් ලක්‍ෂ දෙකකට අධික වටිනාමකින් යුත් මස්‌ තොගයක්‌ සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව පෙරේදා (13 දා) කළ එම වැටලීමේදී මී ගව මස්‌ කිලෝ හාරසිය විසිපහක්‌ සහ මී ගවයන් තිදෙනකු ඇතුළු භාණ්‌ඩ රැසක්‌ ද සොයාගෙන ඇත.


අඹකොටේ විශේෂ කාර්ය බළකා කඳවුරේ උප පොලිස්‌ පරීක්‍ෂක ජයකැළුම් මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ එම වැටලීම සිදුකර තිබේ. සැකකරුවන් සහ භාණ්‌ඩ වැඩිදුර පරීක්‍ෂණ සඳහා මාතලේ පොලිසියට භාරදී ඇත.

ලසිත දුමින්ද

http://www.divaina.com/2013/08/15/news27.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!