Pages - Menu

Pages

Pages

Monday, August 26, 2013

සාමනේර හිමිනමට පහර දුන් අය රක්‌ෂිතයට

කන්තලේ 94 ප්‍රදේශයේ ශ්‍රී ශෛලාරාම විහාරස්‌ථානයේ වැඩවසන 14 හැවිරිදි සාමණේරයන් වහන්සේට පහරදීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවන ලද පුද්ගලයකු ලබන 6 දා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට ඉකුත් 23 දා කන්තලේ මහෙස්‌ත්‍රාත් හා දිසාවිනිසුරු ජයරුවන් දිසානායක මහතා විසින් නියෝග කරන ලදී.

ගංතලාව 94 ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වන කුරුප්පුආරච්චිගේ දොන් ජයතිලක (45) නමැත්තා මෙලෙස රක්‌ෂිත බන්ධනාගාරගත කෙරිණි. බහින්බස්‌වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුවී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

කන්තලේ මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිමල් බණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ පිට පරීක්‍ෂණ පැවත්වේ.

කන්තලේ - ඩබ්ලිව්. ඇම්. වික්‍රමසිංහ
http://www.divaina.com/2013/08/26/provin02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!