ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මුස්‌ලිම් පාසල් දරුවන්ට තිබෙන ඉගෙන ගැනීමේ අයිතිය බහුතරයක් වන අනෙකුත් දරුවන්ට අහිමිව ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්‌ටාලින් මහතා කියා සිටී.
මුස්‌ලිම් දරුවන්ට දෙවන පාසල් නිවාඩුව ලබාදී තෙවන පාසල් වාරය අගෝස්‌තු 12 වැනි දින සිට ඇරැඹෙන අතර අනෙක් බහුතර දරුවන්ට තෙවැනි පාසල් වාරය ඇරැඹෙන්නේ සැප්තැම්බර් 2 වැනිදාය.
අධ්‍යාපන ඇමැතිවරයාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ට මේ මස 19 වැනිදා සිට විභාගය පැවැත්වෙන 25 වැනිදා දක්‌වා සියලු උපකාරක පන්ති සහ ශිෂ්‍යත්වයට අදාළ පෝස්‌ටර්, බැනර් ඇතුළු සියලු ක්‍රියාවන් අත්හිටවනු ලැබීය.
මේ නිසා බහුතරයක් වන දරුවන්ට බලපෑ එම නීතිය අගෝස්‌තු 12 වැනිදා පාසල් ආරම්භ කළ මුස්‌ලිම් දරුවන්ට බලනොපාන නිසා එම දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපනය ලැබීමටත් ඉඩ ප්‍රස්‌ථාව ලබාදී තිබෙන බව නොවැටහීම පුදුමයට කාරණයක් යෑයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
චමින්ද සිල්වා
http://www.divaina.com/2013/08/23/news20.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!