Pages - Menu

Pages

Pages

Friday, September 20, 2013

මුසලුවා, රැකියාවක්‌ සොයා දෙන්නම් කියා තරුණියන් 4 දෙනකු රැගෙන විත් එක්‌ තරුණියක කෙළෙසලා

රැකියාවක්‌ සොයාදීම සඳහා තරුණියන් සිව් දෙනකු බණ්‌ඩාරගමට ගෙනැවිත් ඉන් එක තරුණියකට කඩුවක්‌ පෙන්වා ඇය කෙළෙසූ පුද්ගලයකු සහ ඊට අනුබල දුන් තවත් අයකු බණ්‌ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තරුණිය කෙළෙසූ බව කියන 43 හැවිරිදි මුස්‌ලිම් ජාතිකයකු සහ අවුරුදු 35 ක සිංහල ජාතික තරුණයෙකි.

අතවරයට පත් තරුණිය සහ අනෙක්‌ තරුණියන් තිදෙනා වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළු කර ඇතැයි බණ්‌ඩාරගම පොලිසිය කියයි.

අතවරයට පත් තරුණිය පොලොන්නරුව ප්‍රදේශයේ තැනැත්තියක්‌ වන අතර ඇය පරගස්‌තොට ප්‍රදේශයේ නිවෙසක අනෙක්‌ තරුණියන් තිදෙනාද සමඟ නතරවී කර්මාන්ත ශාලාවක රැකියාව කරගෙන ගොස්‌ ඇතැයි පොලිසිය පවසයි. මෙසේ වෙනත් රැකියාවක්‌ සොයා පැමිණ මුස්‌ලිම් පුද්ගලයාගේ අටුළුගම යකඩ බඩු වෙළෙඳසලක නතර වී සිටි අවස්‌ථාවේ මේ අතවරයට මුහුණ පා තිබේ.

කඩුවක්‌ වැනි ආයුධයක්‌ පෙන්වා බියකර මුස්‌ලිම් තරුණයා විසින් තමා දූෂණය කළ බව අතවරයට පත් තරුණිය බණ්‌ඩාරගම පොලිසියට පවසා තිබේ.

අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනා බණ්‌ඩාරගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර බණ්‌ඩාරගම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සරත් ආනන්ද මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ පරීක්‍ෂණ අංශය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

වාද්දුව - සිරිසෝම සුසෙව්හේවා
http://www.divaina.com/2013/09/16/news33.html

2 comments:

  1. මෙවැනි අපරාධ දිනෙන් දින වැඩි වෙනවා. එක් වරක් කරන එකෙක් නැවත එවැන්නක් කරන්නේ නැතිවෙයි කයලා හිතන්න අමාරුයි. එහ ැහ වැටුනාම නැවත් නැවත කරනවා. ඇයි කාන්තාවට තම නිදහස භුක්තිවිදින්න දෙන්නේ නැත්තේ? මෙවැනි අපරාධ කරන උන්ගේ ලිංගය ඉවත් කරන්න නීති සම්පාදනය කිරීම මගින් සමාජයට යහපතක් වනු ඇත. මම සහෝදරියො ඉන්න සහෝදරයෙක් නිසයි කීවේ

    ReplyDelete
  2. මෙවැනි අපරාධ දිනෙන් දින වැඩි වෙනවා. එක් වරක් කරන එකෙක් නැවත එවැන්නක් කරන්නේ නැතිවෙයි කයලා හිතන්න අමාරුයි. එහ ැහ වැටුනාම නැවත් නැවත කරනවා. ඇයි කාන්තාවට තම නිදහස භුක්තිවිදින්න දෙන්නේ නැත්තේ? මෙවැනි අපරාධ කරන උන්ගේ ලිංගය ඉවත් කරන්න නීති සම්පාදනය කිරීම මගින් සමාජයට යහපතක් වනු ඇත. මම සහෝදරියො ඉන්න සහෝදරයෙක් නිසයි කීවේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!