Pages - Menu

Pages

Pages

Monday, September 9, 2013

ශතවර්ෂයේ විශාලතම සරාණගත අර්බුදය අල්ලා දෙවි පිහිට ලබන සිරියාවේ - මිලියන 6 - මියගිය පිරිස ලක්‍ෂය ඉක්‌මවයි

ලෝකයේ විශාලතම සරණාගත අර්බුදය සිරියානු අර්බුදයත් සමග නිර්මාණය වී ඇත.

සිරියානුවන් මිලියන දෙකක්‌ සිය රට හැර ගොස්‌ ඇති අතර, තවත් සිරියානුවන් මිලියන හතරක්‌ සිය රටේ අනාථයන් බවට පත්ව තිබේ.

ලෙබනනයට, ජෝර්දානයට හා තුර්කියට දිනපතාම සිරියානුවන් පන්දහස බැගින් ඇදී එති.

වසර දෙකහමාරක්‌ තිස්‌සේ ඇදී යන සිරියානු අර්බුදය නිසා මියගිය පිරිස ලක්‍ෂය ඉක්‌මවයි. 

ඇන්ජලිනා ජොලී පවසන්නේ සිsරියානු අර්බුදය නිසා සරණාගත ෙ€දවාචකයක්‌ නිර්මාණය වී ඇති බවයි. 

සිරියාව හැර ගොස්‌ ඇති සරණාගතයන් හත්ලක්‍ෂයක්‌ ලෙබනනයේ කඳවුරුවල වෙසෙන අතර ලක්‍ෂ තුනක්‌ ජෝර්දානයේ ද හාරලක්‍ෂ හැට දහසක්‌ තුර්කියේ ද එක්‌ලක්‍ෂ හැම අට දහසක්‌ ඉරාකයේ ද තවත් ලක්‍ෂයක්‌ ඊජිප්තුවේ ද අනාත කඳවුරුවල වෙසෙති.

90 දශකය මුල් භාගයේ ඇµaගනිස්‌තානයේ ඇති වූ යුද්ධය නිසා මිලියන 6.6. ක පිරිස අනාථ වූ අතර එම අර්බුදයෙන් පසුව උද්ගත වූ විශාලම සරණාගත ප්‍රශ්නය මෙයයි.

ඇමරිකාව හදිසියේ සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් මේ අර්බුදය තවත් උග්‍ර වනු ඇත.

කෙසේ නමුත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසන්නේ තම රටට ප්‍රහාර එල්ල කළහොත් එයින් කලාපයම යුද්ධයක පැටලෙනු ඇති බවයි.

වරදත්ත අකලංක
http://www.divaina.com/2013/09/07/forign01.html

1 comment:


  1. ඇන්ජලිනා ජොලී පවසන්නේ සිsරියානු අර්බුදය නිසා සරණාගත ෙ€දවාචකයක්‌ නිර්මාණය වී ඇති බවයි.

    ඇන්ජලීනා ජොලී කියන්නෙ නිලියක් නේද? ඇන්ජලීනා ජොලී කියන මේ වගේදේවල් කොහොම නිවුස් වෙනවද කියලා හිතාගන්න බැහැ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!