Pages - Menu

Pages

Pages

Wednesday, September 25, 2013

පැරණි ඌව වෙල්ලස්සේ වත්මන් විරු මව්වරුන්ගෙන් 95% ක්‌ම දරුවන්ට පිටිකිරි නොදෙති. ළදරු පෝෂණයේ වර්ධනයක්...

මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ කිරි දෙන මව්වරුන් ගෙන් 95% ක්‌ම දරුවන්ට පිටි කිරි ලබාදීම ප්‍රතික්‍ෂේප කර මව් කිරි පමණක්‌ ලබා දෙන බව මොනරාගල දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය සුනිල් උඩුනුවර මහතා පැවසීය.

මේ අනුව දිස්‌ත්‍රික්‌කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයකම මව්වරු දැනුවත් වී ඇති අතර ගම්බද හා සියලු ප්‍රදේශවලද මේ තත්ත්වය එලෙසම පවතී.

මේ තත්ත්වය තුළින් දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය හා ළදරු මරණ අනුපාතය හා වෙනත් රෝග වලින් සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකි වී ඇත. මේ තත්ත්වය 100% ක්‌ වර්ධනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් දක්‌වයි.

මොනරාගල- නයන ඉහළගෙදර රවිඳු ගුණතිලක - බඩල්කුඹුර
http://www.divaina.com/2013/09/25/provin10.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!