කැකිරාව සඳගල්පාය පුරාණ විහාරස්‌ථානයේ බෝධි මළුවේ තැන්පත් කර තිබියදී පැහැරගෙන ගොස් තිබූ කිරිගරුඬ පිළිමය ශාස්‌ත්‍රකරුවකු විසින් සිදුකරන ලද 'අඳුනක්' යෑවීම මඟින් සොයාගෙන ඇත.
මෙම පිළිමය පසුගිය ඉරිදා (01 වැනිදා) රාත්‍රියේදී පැහැර ගෙන ගොස් තිබූ අතර ඒ පිළිබඳ සඳගල්පාය රජමහා විහාරාධිපති කොලොම්බෑවේ රතනපාල හිමියන් විසින් කැකිරාව පොලිසියට පැමිණිල්ලක්‌ද කර තිබිණි.
පසුව මෙලෙස අඳුනක් මාර්ගයෙන් කැකිරාව සිට කිලෝමීටර 40 ක පමණ දුර ප්‍රමාණයක් ගොස් පිදුරුගොඩක සඟවා තිබූ මෙම පිළිමය නාච්චියාදුව ප්‍රදේශයේදී සොයාගෙන ඇත.
පසුව මේ පිළිබඳව පොලිසියට දැන්වීමෙන් අනතුරුව කැකිරාව පොලිසිය වෙත පිළිමය රැගෙන විත් ඇත. සිද්ධිය සම්බන්ධව කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැත.
කැකිරාව - සුගත් ඒකනායක
http://www.divaina.com/2013/09/05/news29.html

මගේ අදහස නම් ඔය අඳුන් යවන්න පුලුවන් ශාස්ත්‍රකරුවන්ගෙන් රජය මීට වඩා වැඩක් ගන්න ඕනෙ කියලා... රටේ ඉන්න ලොකු හොරු ඔක්කොම අල්ලන්න තිබුනා මහජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියෙ අඳුනක් යවලා... එතකොට අඳුනෙන් අහුවෙන්න කවුද කියලත් සාක්ශි තියෙනවනේ...
ReplyDelete