Pages - Menu

Pages

Pages

Monday, September 16, 2013

බුකිකරුවන් සමඟ තරඟ පාවාදුන්, ඉන්දීය ටෙස්‌ට්‌ පිලේ හිටපු පන්දු යවන්නකු වන ශ්‍රීෂාන්ත්ට දිවිඇති තෙක්‌ ක්‍රිකට්‌ තහනම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී බුකීකරුවන්ට උවමනා පරිදි ක්‍රීඩා කළේ යෑයි වැරදිකරුවා බවට පත්වූ ඉන්දීය ටෙස්‌ට්‌ පිලේ හිටපු පන්දු යවන්නකු වන ශාන්තකුමාරන් ශ්‍රීශාන්තට ජීවිතාන්තය දක්‌වා ක්‍රිකට්‌ තහනම් කිරීමට ඉන්දීය ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය විසින් ඉකුත්දා තීරණය කරන ලදී.

ඔට්‌ටුකරුවන්ගේ උවමනා පරිදි ක්‍රීඩා කිරීම සමබන්ධව ශ්‍රීශාන්තට ඉකුත් මැයි මාසයේදී දිල්ලි පොලිසිය විසින් චෝදනා එල්ල කරන ලද අතර ඔහු සමග රාජස්‌තාන් රෝයල්ස්‌ පිලේ සෙසු සාමාජිකයන් වූ අජිත් චන්දිලා සහ අන්කීට්‌ චවාන්ටද වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට්‌ තහනමක්‌ පැනවීමට එරට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය පියවර ගන්නා ලදී.

මේ අතර අන්කීට්‌ චවාන්ටද ජීවිතාන්තය දක්‌වා තරග තහනමක්‌ පනවා තිබෙන නමුත් අජිත් චන්දිලා සම්බන්ධයෙන් තවමත් තීරණයක්‌ ගෙන නොමැතිවීම විශේෂත්වයක්‌ ලෙස සඳහන් කළ හැක. මොවුන්ට අමතරව තවත් ක්‍රීඩකයන් දෙදෙනකු වන සිද්ධාර්ත් ටි්‍රවේඩි සහ අමිත් සිං යන දෙදෙනාටද වසර 5 ක තරග තහනමක්‌ පනවා තිබේ.

http://www.divaina.com/2013/09/16/sports03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!