එක් එක් දේශීය වී වර්ග වගා කිරීමේ අත්හදා බැලීමක යෙදී සිටින ආසනික් විරෝධී ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති මහ මාංකඩවල ශ්‍රී පියරතන නාහිමියෝ මෙවර අක්‌කර 2 1/2 ක් වූ පන්සලේ කුඹුරේ "මඩැල්" නමැති දේශීය වී වර්ගය තෙල් පොහොර නොයොදා වගාකොට වී බුසල් 200 ක එනම් වී කිලෝ 4200 ක අස්‌වැන්නක් ලබාගත් බව උන්වහන්සේ පැවැසූහ.
කෘමි නාශක, වල් නාශක, රසායනික පොහොර කිසිවක් නොයොදා පිදුරු, කොළ අතු, දහයියා අඟුරු වැනි පරිසරයේ පොහොර වර්ග පමණක් යොදා මේ කුඹුර වගා කරන ලද බව උන්වහන්සේ පැවැසූහ.
මෙම ආදායම් තත්ත්වය ගැන කරුණු පැහැදිලි කළ උන්වහන්සේ මෙසේ පැවැසූහ. වල් නාශක, කෘමි නාශක, රසායනික පොහොර යන මේ සියල්ලම යොදා වැඩි අස්‌වනු ලැබේ යෑයි සම්මත දෙමුහුන් වී වර්ග වගා කිරීමෙන් මහවැලි එච්. කලාපයේ අක්‌කර 2 1/2 ක කුඹුරු පංගුවකින් ලබාගත හැකි උපරිම අස්‌වනු ප්‍රමාණය වී බුසල් 250 ක් හෙවත් වී කිලෝ 5250 කි. මේ වී ප්‍රමාණය රජයේ මිල ගණන් අනුව කිලෝව රුපියල් 32 බැගින් විකුණනු ලැබුවහොත් ලැබිය හැකි මුළු ආදායම රුපියල් 1,68,000 කි.
දේශීය මඩැල් වී වර්ගය වගා කිරීමෙන් වී කිලෝ 4200 ක අස්‌වැන්නක් ලබා ගැනීමට හැක. තෙල් පොහොර නැතිව වගාකරන ලද දේශීය වී කිලෝවක් රුපියල් 80 ක් වේ. මෙම වී ප්‍රමාණය කිලෝව රුපියල් 80 බැගින් විකුණනු ලැබුවහොත් ආදායම රුපියල් 3,36,000 ක් වේ. මෙයින් සනාථ වී ඇත්තේ සිරුරට අගුණයක් නැති දේශීය වී වර්ග වගා කිරීමෙන් වැඩි ආදායමක් ලබාගත හැකි බවය.
දැන් අපේ රටේ වී නිෂ්පාදනයේ අතිරික්‌තයක් පවතී. මේ නිසා අද රටට අවශ්‍යවී ඇත්තේ අස්‌වනු අඩු වුවත් තෙල් පොහොර නැති ගුණාත්මක දේශීය වී වර්ගයකි.
මෙවර වී අස්‌වැන්නෙන් වී බුසල් 100 ක්, දේශීය වී වගා කිරීමට කැමති ගොවීන්ට බුසලක් බැගින් ගොවීන් සියයකට නොමිලයේ බෙදා දීමට සූදානම් කර ඇත. මෙසේ වී ලබා ගන්නා හැම ගොවියෙකුම අස්‌වනු ලැබීමෙන් පසු වී බුසල් දෙක බැගින් ආපසු ලබාදිය යුතුය. එවිට එම කන්නයේදී ගොවීන් 200 කට ඊළඟ කන්නයේදී ගොවීන් 400 කටද ආදී වශයෙන් දේශීය වී වගාව රට පුරා ව්‍යාප්ත කරන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවැසීය. උන්වහන්සේගේ ලිපිනය මහ මාංකඩවල ශ්‍රී පියරතන නාහිමි, ඛෙත්තාරාමය,
දුරකථනය 025-2249387.
තලාව එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2013/09/11/provin08.html

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!