Pages - Menu

Pages

Pages

Monday, September 30, 2013

ටෙලිග්‍රෑම් වෙනුවට 'ටෙලිමේල්' හෙට සිට

තැපැල් විදුලි පණිවුඩ සේවාව හෙට සිට නිල වශයෙන් අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව තැපැල් දෙපාර්තමේන්තුවට අයත් රට පුරා පිහිටි තැපැල් කාර්යාල කිසිවක්‌ හෙට සිට විදුලි පණිවිඩ යෑවීමට ජනතාවගෙන් භාර නොගන්නා බව තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ඊයේ "දිවයින"ට පැවසීය.

1858 දී කොළඹත්-ගාල්ලත් අතර මුලින්ම විදුලි පණිවුඩ සේවාව ආරම්භ වී ඇත්තේ ආණ්‌ඩුකාර සර් හෙන්රි ජෝර්ඡ්ගේ පාලනය කාලයේදීය.

විදුලි පණිවුඩ සේවාව අහෝසි වීමත් සමග 'ටෙලිමේල්' සේවාව ඒ සඳහා විකල්පයක්‌ ලෙස හෙට සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

ප්‍රියදර්ශන ලියනගේ 
http://www.divaina.com/2013/09/30/news21.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!